රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්

පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත් භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීයි.

ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අනාවරණය කළා.

රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන් කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳවද මෙහිදී සැලකිල්ලට ගැණුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්.

තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධවද මෙහිදී සාකච්ඡා වූ අතර ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමු කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කළ අතර “City Branding” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

දේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන අනුරාධපුර නගරය විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට හොඳ විභවයක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය ලෙස සහ පළමු වැව පිහිටි ස්ථානය ලෙස විදේශිකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීමටද අවධානය යොමුව තිබෙනවා.

සමාජ ආකල්ප වෙනසක් ඇති කරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා “Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වාරිමාර්ග හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න, ආචාර්ය සේන නානායක්කාර, නීතිඥ ඒ.ඒ. ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත්, තිලිණ තාරුක සමරකෝන්, පී.ඩී.එන්. පලිහේන, රෝහණ බණ්ඩාර, පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. ජී. ආර්. විමලසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….