රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්

රෝහල් ඇදන් ගැටළුවට පිළියම් වශයෙන් කොවිඩ් 19 වෛරසය වැලදි ඇති රෝගීන් හමුවට වෛද්‍ය කණ්ඩායම් ගොස් නිවෙස් වලදී ප්‍රතිකාර ලබාදීමෙන් ඇතිව තිබෙන අධික තදබදය අවමකර ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු අනාවරණය කළේය.

විදේශ රටක හා මෙරට ඉදිරිපෙළ කෝවිඩ් මර්දන කටයුතු සඳහා කටයුතු කරමින් ලබා තිබෙන අත්දැකීම් වලට අනුව ඉදිරියේදී වැඩිවීමට නියමිත කොවිඩ් 19 රෝගීන් සඳහා රෝහල් හෝ ඇඳන් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක් බව ඒ මහතාගේ මතයයි.

ඒ මහතාට කොවිඩ් පළමු රැල්ලේ ඇති විදේශිය අත්දැකිම් වලට අනුව එම ක්‍රියාව ඉතා යෝග්‍ය බව පැවසු අතර පළමු රැල්ල අවධියේ විදේශිය රෝහලක සේවකර තිබේ.පළමු කොවිඩ් රැල්ල අවස්ථාවේදී වෛද්‍යරයා ඕමාන් (sultanate of Oman)සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කළත් පැවති තත්වය හමුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ කොවිඩ් රෝගින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලේ සේවය කරයි.

කොවිඩ් රෝගය වැලදෙන සියලුම රෝගි පුද්ගලයන් අසාධ්‍ය තත්ත්වයට පත් නොවන නිසා සිදුකළ යුත්තේ රෝගීන් තෝරාගෙන ඔවුන්ට උපරිම පහසුකම් ලබාදීම බව ඒ මහතාගේ මතයයි.අනෙකුත් අසාධ්‍ය නොවන රෝගීන් සිය නිවෙස්වල තබා වෛද්‍යවරුන් සහ අවශ්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නිවසට යවා රෝගී නිවසේදී පරීක්ෂාකර අත්‍යවශ්‍ය රෝගීන් පමණක් රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව ඔහු කියයි.

නිවසේදී ප්‍රතිකාර කළ හැකි රෝගීන් දිනපතා නිවසේදීම පරීක්ෂාකර ප්‍රතිකාර නියම කළ හැකි අතර ඔවුන්ගේ රැකබලා ගන්නන්ට කොවිඩ් මධ්‍යස්ථානයකට වඩා සිය ඥාතියෙකුට හැකි බව ඒ මහතා පවසයි.අවශ්‍ය පහසුකම් සපයන්නට බලධාරින්ට හැකි නම් අනුරාධපුර ප්‍රදේශයේ රෝගීන් ගේ නිවසටම ගොස් පරික්ෂා කර ඔවුන් සුවපත් කිරීමට තමන් සූදානම් බව ඒ මහතා පවසයි.

දැනට කොවිඩ් රෝගය වැලදී සිටින පුද්ගලයන් බොහොමයක් දිගු කාලීන රෝග රැසකට ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් වීම නිසා ඔවුන් එම රෝගී තත්වයට අවශ්‍ය ඖෂධ දිනපතා ලබාගෙන ඇත්ද යන්න පරික්ෂා කරමින් ප්‍රතිකාර ලබාදීම තුලින් මරණ සංඛ්‍යාව අවමකර ගැනීමට යෝජිත ක්‍රමය ඉතා හොද බවත් ඒ සදහා අවශ්‍ය සම්පත් සෞඛ්‍ය අංශ සතුව ඇති බව ඒ මහතාගේ මතයයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….