ලංකාව නවීන ලෝකයට ගෙනියන්න ඕන- ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්‍රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ ප්‍රශ්න ගණනාවක් ඇතිවුනා. මා වගකීම් භාරගත් පසුව අරගලය නිසා පීඩාවට පත්වුනු ජනතාව ගැන අවධානය යොමු කරන්නත්, රටේ ස්ථාවරභාවය ආරක්ෂා කරන්නත් මට සිදුවුනා. ඒ වෙනුවෙන් ක්ෂණික පියවර කීපයක් ගැනිමට මට සිදුවුනා. පිරිසක් සිවිල් නිදහස නැති කළා කියමින් ඒ පියවර විවේචනය කළා. නමුත් මම ඒ අවස්ථාවේ දී රටේ ස්ථාවරභාවය හා ව්‍යවස්ථාවේ මූල ධර්ම අතර සමබරතාවයක් ඇති කිරීමට ක්‍රියා කළා.

ඒ නිසාම අද රටේ නිදහසක් වගේම ඡන්දෙකුත් තියෙනවා. ඒ අවස්ථාවේදී අපි ඒ පියවර නොගත්තේ නම් අපේ රට බංගලාදේශය බවට පත්වෙන්න ඉඩ තිබුණා. අපිට මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන රජයක් තියෙන්න ඕන. නීතිය හා සාමය ස්ථාවරභාවය තියෙන්න ඕන. ඊට අවශ්‍ය පියවර අපි අරගෙන තියෙන්නේ. ලංකාවට තවත් එක් කාරණයක් ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඒ නිදහසේ සිට ආණ්ඩුවයි විපක්ෂයයි එකට ක්‍රියා කරලා තියෙනවා. සමහර විට ගැටුම් ඇතිවෙලා තියෙනවා. අපිව විවේචනය කරලා තියෙනවා. නුමුත් අපි කිසිවිටෙක විපක්ෂය නැති කරලත් නෑ, පරාජය වුනාම බලය නොදී ඉඳලත් නෑ. ඒක 1931 ඉඳන් අපේ වාර්තාවක්. ඒක කරන්න පුළුවන් වුනේ මේ රටේ එදා ඉඳලා තිබුණු සමාජ සංවිධාන නිසා. අද එහෙම තියෙන්නෙත් ඒ සංවිධාන නිසා.

මගේ මතය අනුව නම් රට තුළ පූර්ණ ප්‍රතිව්‍යූහගතකරණයක් කරන්න තියෙනවා. මොකද අප රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමයන් පසුගිය අවුරුදු දෙක තුළ දී කඩා වැටුණු නිසා. දැන් පරණ දේශපාලන පක්ෂ ක්‍රම නැහැ. ඒවා මැරිලා දැන්. ඒ නිසා වර්තමානයේ සමාජය කොහොමද ඉදිරියට යන්නේ. අවාසනාවකට බොහෝ දෙනෙක් අතීත රාමුවේ ඉඳලා වැඩ කරන්නේ. අතීතයේ භාෂාවෙන් දේශපාලන කරන්නේ. කිසිම වෙනසක් නෑ. වෙනස කියලා වචනයෙන් කිව්වට වෙනසක් නෑ. “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනෙන් කියන්නේ කොහොමද අපේ සමාජය ප්‍රතිව්‍යූහගතකරණය කරන්නේ කියලා.

පළමුව “අස්වැසුම” ආරම්භ කළේ එකක් අඩු ආදායම් පවුල් වලට සහනයක් ලබා දෙන්න වගේම තමන්ට තමන්ගේ සුදුසුකම අනුව ඒක ලබාදෙන්න. දෙවනුව “උරුමය” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූවා. සින්නක්කර අයිතිය ලක්ෂ 20 කට ලැබෙනවා. ඉඩමේ අයිතිය අදාල පුද්ගලයන්ට බාර දෙනවා. තෙවනුව “කෘෂි නවීකරණය” නිසා ගම්වල ආදායම වැඩිවෙනවා. වතුකරයේ ලයින් කාමර, ගම්මාන බවට පත් කරනවා. “කාන්තාවන් සවිබලගැන්වීම” සඳහා පියවර ගනු ලබනවා. කුලය, පන්තිය දිහා බලන්නේ නැතුව ක්‍රියා කිරීමට සමාජ සාධාරණ කොමිසම ඇති කරනු ලබනවා. මේ සියල්ලම සිදු කළ විට සමාජය තුළ විශාල පරිවර්තනයක් සිදුවෙනවා. තනි තනිව නැතුව සමූහයක් වශයෙන් ගත් විට සමාජයේ පරිවර්තනයක් සිදුවෙමින් යනවා.

අපනයන ආර්ථිකයකට, මුදල් තියෙන ආර්ථිකයකට, ඩිජිටල් ආර්ථිකයකට, හරිත ආර්ථිකයකට අප යා යුතු වෙනවා. උද්ධමනය පාලනය වන, රුපියල ශක්තිමත් කර ආදායම් වැඩි කරනවා. ඒ තුලින් පරිවර්තනයක් කිරීමට අපට හැකි වෙනවා. පළමුවෙනි දශකයේ එය සිදුවෙනවා. එතනට තමයි අපේ රට ගමන් කළ යුතු වන්නේ. සමාජයේ පරිවර්තනය දේශපාලන ක්‍රමයට පමණක් සීමා කරන්න බෑ. හිටපු අගවිනිසුරු ඩෙප් මැතිතුමා යටතේ පක්ෂ ගැන, මැතිවරණ ක්‍රමය ගැන, දේශපාලන ක්‍රමය ගැන යෝජනා ඉදිරිපත් කරන්න කමිටුවක් පත් කළා. ඊට යෝජනා 87 ක් ඉදිරිපත් වී තියෙනවා. ඒ සියල්ලත් ක්‍රියාත්මක කළහොත් එයත් පූර්ණ පරිවර්තනයකට හේතු වෙනවා. අවාසනාවකට කිසිම දේශපාලන පක්ෂයක් මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම එකම එකතු කරන ජනසභා ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලඥයන්ව ප්‍රාදේශීය සභා තුළින් එකතු කරනවා. එයින් එන අදහස් දිස්ත්‍රික් සංවර්ධන සභාව තුළින් ක්‍රියාත්මක කරනවා. දේශපාලඥයන් සහ සිවිල් සමාජය එකතුවීම වැඩකිරීමට අවස්ථාව සැලසෙනවා.

නගරය, ගම තුළ තිබෙන විවිධ සංවිධාන වලට වෘත්තිය ගැන, වෙළඳාම ගැන, තරුණයන් ගැන, කාන්තාවන් ගැන බිම්මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රියාත්මකවීමට අවස්ථාව ලබා දෙනවා. ඔවුන්ව නම් දෙකකින් හඳුන්වන්න පුළුවන්. ඒ සිවිල් සමාජය. මේ රාමුව තුළින් ක්‍රියාත්මකවීමට අවශ්‍ය රාමුව ඇති කිරීම මගේ බලාපොරොත්තුවයි. ක්‍රියාත්මකවීමේදී අදාල පුද්ගලයා දැනගන්න ඕන ශක්තිමත්ව ඉදිරියට එන්න. බිම් මට්ටමේ සිවිල් නායකත්වයක් තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දේශපාලන නියෝජිතයන් මේ රටට අවශයයි.

මේ වැඩසටහන් කරන්න තමයි “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන තිබෙන්නේ. ඊට සහයෝගය දෙන ලෙස මම ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අපි රටේ අනාගතය දෙස බැලිය යුතුයි. අතීත දේශපාලනයේ ඉඳලා වැඩක් නෑ. නැති භාණ්ඩ වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ. සාකච්ඡාවෙන් වැඩ කටයුතු කිරීම කළ යුතු වෙනවා. එවැනි සමාජයක් අපි ඇති කළ යුතුයි. ඒ සඳහා ඔබ සහයෝගයදීම ගැන ස්තුතිවන්ත වෙනවා.

පසුව අපි හමුවෙලා සාකච්ඡා කරලා ඉදිරියට යමු.

ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ 2024 සැප්තැම්බර් 12 වෙනි දින පදනම් ආයතනයේ දී පැවති Momentum 24 වැඩසටහනේ දී දැක්වූ අදහස්…

https://fb.watch/uzIddbBSVE/

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….