වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්

බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2,000ක් තරම් වූ දැවැන්ත මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ව්‍යවසායකයන්ටත් ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු 16ක් හරහා මෙම යෝජනා ක්‍රම හතරෙන් දෙකක් ක්‍රියාත්මක වෙයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (23) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව Ceylon Federation Of MSME සංවිධානය කළ ව්‍යවසායක ප්‍රජා සම්මන්ත්‍රණය අවස්ථාවේ දී කර්මාන්ත ඇමැතිවරයා මේ බව කීය. සේවකයන් දෙසීයකට අඩු පිරිසක් සේවය කරන නිෂ්පාදන, කර්මාන්ත ව්‍යවසායකයට සහ කර්මාන්තයකට පළමු ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 150ක් උපරිමයක ණය මුදලක් ලබාගත හැකිය. ඒ සඳහා අය කරන පොලිය සියයට හතකි. ණය මුදල ආපසු ගෙවිමේ කාලය වසර දහයකි. ණය මුදල් ගෙවීම ආරම්භ කිරීම සඳහා වසරක සහන කාලයක් ලැබෙයි.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 16ක් තෝරාගෙන ඇත. එක් බැංකුවකට රුපියල් මිලියන 750 ලබා දී ඇත.

දැනට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනය නම තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවා රුපියල් ලක්ෂ පනහක උපරිමයක ණයක් ලබාගත හැකි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකය. එහි පොලිය සියයට අටකි. ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර පහකි. ණය මුදල ගෙවීම ආරම්භ කිරීමට වසර තුනක සහන කාලයක් ලබා දී තිබේ. මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශය විසින් චක්‍රීය අරමුදල් යටතේ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අරමුදල් සැපයීමට යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කොට තිබේ . smile සහ e pend එම යෝජනා ක්‍රම දෙකයි. පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කිරීමට රුපියල් මිලියන 30ක මුදලක් ලබා දෙයි. ඒ සඳහා අය කරන පොලිය 6.5 %කි. ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර දහයකි. අවුරුදු දෙකක සහන කාලයකින් පසු ගෙවීම් ආරම්භ කළ යුතුය. කුඩා ව්‍යාපාර සංවර්ධනයට ද රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත. ණය ගෙවීමට වසර දහයක කාලයක් ලබා දී ඇත. මෙම ණය මුදල් ලබා ගැනීමේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා සතියේ වැඩකරන දින පහක් තුළ ලබාදීමට සූදානම් බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවැසීය.

මෙම සම්මන්ත්‍රණය අමතා අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, Ceylon Federation Of MSME සභාපතිනි ශෂිකා ද සිල්වා ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් අදහස් ප්‍රකාශ කරනු ලැබීය. මෙම අවස්ථාවට ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවෝ රැසක්ම සහභාගිවී සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….