විරෝධතාකරුවන්ට අත තියන්න එපා

ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි.

තමන්ගේ දේශපාලන මතිමතාන්තර අතහැර රට වැසියන් ලෙසින් එක්ව පල කරන විරෝධතා, මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුම් සෙවීමට රජයට කරන දැඩි බලපෑම මනාව පිළිබිඹු කරයි. මෙම ක්‍රියාවලිය යම්කිසි රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් ලෙස රජය විසින් හුවා දැක්වීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු.

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව අපට පැහැදිලිය. මෙවැනි සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය අප අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති බැවිනි.

අප ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත්, ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්ය. මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණකි .

දැනට පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය වන එකක් බැවින් අප යෝජනා කරන්නේ මෙම කරුණු පිළිබඳව මෙන්ම දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්‍යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් කිරීම වැදගත් බවයි.

මේ සඳහා මෙම කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදීම වැදගත් වන අතර එමගින් විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයකි. රජය විසින් සත්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ද මෙම අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බව අපගේ හැඟීමයි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මෙම අවදානම් සමයේදී මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු විසඳීමට සහාය වීම සදහා අප සංගමය බැදී සිටින බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….