විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන කණ්ඩායම් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡාවන් පැවැත්වුවා. ලංකාවේ ආර්ථිකය ගැන අධ්‍යයනයක් සිදු කළා. ඒ අනුව ආර්ථික අර්බුදය ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් අපට සොයා ගැනීමට හැකි වුනා.

මෙවැනි ආර්ථික අර්බුදයන් වලට ගමන් කිරීමෙන් බංකොලොත් වුනු රටවල් 15 ක් පමණ තිබෙනවා. ඒ නිසාම අපේ රටත් බංකොලොත්භාවයට වෙත ගමන් කරයි කියලා අපට දැනුනා. පසුව අපි උත්සාහ කළා ඒ වන විට රටේ ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ හමුවී අපගේ අදහස් වලින් ඔහුව දැනුවත් කරන්න. පවතින අවධානම ගැන දැනුවත් කරන්න. නමුත් ඊට පෙර ආර්ථික අර්බුදය ඉක්මනින් රට වෙලා ගත්තා. එහි අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුනා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්න බෑ බංකොලොත් රටකින්.ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් මිළ අධික දෙයක්. බංකොලොත්භාවය පවතිද්දී ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බංකලොත් කාලය තුළ වලට අවකාශයක් තිබුණේ නෑ. ජනතාව තුළ විශාල ප්‍රචණ්ඩත්වයක් ඇතිවුනා. රට තුළ විනය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. පෝලිම්වල දී මිනිස්සු අතර ගැටුම් ඇතිවුනා. අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, පහසුකම් නොමිලේ බලාපොරොත්තු වෙනවා. රජයෙන් උසස් අධ්‍යාපනයත් බලාපොරොත්තු වෙනවා.

අපි වාමාංශික පසුබිමකින් එන නිසා ව්‍යවසායකයන්, ධනවතුන්ව අපේ හතුරන් විදියට තමයි අපි දැක්කේ. අපේ රට ධනවාදී ආර්ථික ක්‍රමයක් එක්ක ඉදිරියට ආවත් ඒ තුළ සමාජවාදී සුබසාධක රාජ්‍යයක ලක්ෂණත් තිබුණා. රජයට විශාල රාජ්‍යය යාන්ත්‍රණයක් නඩත්තු කිරීමට සිදුවුනා. රට තුළ රාජ්‍ය ආයතන හාරසිය පනස් ගානක්, රජයේ සේවකයන් ලක්ෂ දාහතරක් ඉන්නවා. සියල්ලන්ම මිලියන දෙකක් පමණ ඉන්නවා. දළ දේශීය ආදායමෙන් මේ විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට අපට සිදුවෙලා තියෙනවා. රාජ්‍යයෙන් ලබා දෙන සහන පනස් ගණනක් තිබෙනවා. විශාල ආදායමක් තියෙන යුරෝපීය රටවල් පවා මේ වගේ විශාල සුබසාධන ජනතාවට ලබා දෙන්නේ නෑ.

පසුගිය කාලේ අපේ ප්‍රාථමික හා ජංගම ගිණුමේ ඇතිවුණු අර්බුදය නිසා අපිට තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වුනා. සංකීර්ණ අර්බුදයක් මැද ගිලී ගිය රටක් බවට අප පත්වුනා. මිනිස්සුන්ට පාරට ආවා. මේ වගේ අර්බුදයකට ලක්වුනු රටක් මේ තරම් ඉක්මනට නැවත ගොඩ ආවේ නෑ. ඒ කාලේ රාජ්‍ය බැංකු කඩා වැටෙයි කියලා භය වුනා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. ඒත් මිනිස්සු බැංකු වලින් සල්ලි ගත්තේ නෑ. විදේශීය ප්‍රේෂණ එවන්න එපා කියලා දේශපාලන කණ්ඩායම් කිව්වත් විදෙස් රැකියාවල නියුතු වූවන් දිගටම එව්වා . ජනතාවගෙන් ලැබුණු සහයෝගයත් නිසාත් බුද්ධිමත්ව වැඩ කරපු නිසාත් රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුනා. මිනිස්සු අනවශ්‍ය වියදම් කපා හැර පටිතද කරගත්තා. කව්රු ආණ්ඩු කරත් ඒ අවස්ථාවේ දී ගත යුතුව තිබූ පියවරයන් තමයි ඒ.

ඒ අවස්ථාවේදී රටට සහනයක් වූවේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලට (IMF) යාමයි. IMF ගැන අපිට වාමාංශික ව්‍යාපාරයන් හඳුන්වලා දීලා තිබුණේ අපිව ගිල ගන්න ඉන්න යකෙක් වගේ. අපිත් IMF ගැන හිතලා තිබුණේ වෙනස් විදියකට. එහි සහයෝගය ගත්තොත් රටවල් විනාශ වෙනවා කියලා අපිට කිව්වා. ඒක මිත්‍යාවක් බව අපට තේරුණේ පසුවයි. IMF හරියට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම සංවිධානයක්. ලංකාවත් එහි සමාජිකයෙක්. IMFවෙත ලංකාව මේවන විට 17 වතාවක් ගොස් ආධාර ලබාගෙන තිබෙනවා. නමුත් ඒ අවස්ථාවන්වල රජය ඇති කරගත් එකඟතාවයන් හා සැලසුම් අනුව කටයුතු කර තිබුණේ නැහැ. IMF කියන්නේ විදේශ විනිමය පාලනය කිරීමට ඇති කරන ලද ජාත්‍යයන්තර ආයතනයක්. රජයක ඩොලර් ගිණූම පාලනය කරන කළ යුතු ක්‍රමයන් ගැන උපදෙස් සහ සහයවීම තමයි IMF සිදු කරනු ලබන්නේ. මේ අර්බුද අවස්ථාවේදීත් ලංකාවේ රජයට IMF යාමට සිදුවුනා. ලංකාවට ඒ අනුව කොන්දේසි කිහිපයක් පනවනු ලැබුවා. එම කොන්දේසි සපුරන්නේ නම් පමණක් IMF සහය ලබාදිය හැකි බවට ඔවුන් දැනුම් දී තිබුණා.

පළමුවෙනි කොන්දේසිය තමයි රාජ්‍ය ආදායම ඉහළ නැංවීම. ලංකාවට නිශ්චිත බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ආදායම් වැඩි කරගැනීමට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතු වෙනවා. බදු ආදායම ලබා ගැනීමට ආයතන තුනක් ලංකාව තුළ තිබෙනවා. රේගුව, සුරා බදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ ආයතන තුනයි. මේ ආයතන වලින් රජයට ලැබිය යුතු ආදායම පවා නියමිත පරිදි ලැබුණේ නෑ. එපමණක් නොව එම ආයතන අතිශය දූෂිත තත්ත්වයක තමයි තිබුණේ. මෙම ආයතනය ක්‍රමවත්ව කිරීම ඔවුන්ගේ ප්‍රධාන යෝජනාවක් වුනා. දෙවැනි කොන්දේසිය තමයි රාජ්‍ය ණය තිරසරභාවය ඇති කිරීම. දේශීය හා විදේශීය රාජ්‍ය ණය මීට අයත් වෙනවා. ඒ වගේම එම ණය වලත් විවිධ ණය වර්ග තිබෙනවා. මේ තත්ත්වය ඇති කිරීමට ශ්‍රී ලංකා රජය හා ණය හිමියන් කැමති වුනු ප්‍රංශ සමාගමක් මගින් මෙම ණය තිරසරභාවය යම් මට්ටමක ගෙනැවිත් තිබෙනවා. 2028 සිට ණය ගෙවීමට හැකිවන සේ සහනයක් ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඊළග කොන්දේසිය තමයි උද්ධමනය පාලනය කිරීම. සිය ගනනක තිබුණු උද්ධමනය මේවනවිට අංක 10 දක්වා අඩුවී තිබෙනවා. එය සාර්ථක කරගැනීමට මුදල් මුද්‍රණය කිරීම වැනි ක්‍රියා මාර්ග නැවැත්වීමට සිදුවෙනවා. බංකොලොත් වෙද්දී ඩොලර් මිලියන හයක් පමණක් තිබුණා. නමුත් මේවන විට අපගේ සංචිත ඩොලර් මිලියන සංචිත ඩොලර් බිලියන පහක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම ආර්ථික වර්ධනය 4% පමණ ගෙන ආ යුතු වෙනවා..

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….