ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට සැලසුම්

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි . ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදුවන මැදිහත්වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙහි වැදගත්කම සහ විද්‍යුත් හැඳුනුම්පත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙළ වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බව සඳහන් කර තිබේ.

.බැංකුවත්, ව්‍යවසායකයත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත්අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අවිධිමත් අංශය විශාල වන අතර එය විධිමත් කිරීමේදී දැනට අවිධිමත් ආර්ථිකය තුළ යැපෙන ජනතාව සුරක්ෂිත වන ආකාරයට එම ක්‍රියාවලිය සිදු කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දැනට පවතින දුෂ්කරතා,ව්‍යාපෘති සඳහා ගතවන කාලය වැඩිවීම, දූෂණයආදි කරුණු හේතුවෙන් ආයෝජන පවත්වා ගෙනයාමට තිබෙන බාධා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම ක්‍රියාවලියේදී සියලු කටයුතු සරල හා අදූෂිත, කාර්යක්ෂම ක්‍රමවේදයක් තුළට ගෙන ඒමට තම රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ .

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….