සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….

gotabaya

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත…ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන් දකුණු ආසියාවේ පළමු එක.

කොහොම උනත් ගෝඨාගේ ‘නික්ම යාම’ (exodus) ලෝකය ඉස්සරහා නිකම් අහිකුන්ඨික දෙයක් බවට පත්උණා. අතනින් මෙතෙන්ට… මෙතනින් අතෙන්ට..අර රටේ වීසා නැහැ කියනවා. මේ රටේ වීසා නැහැ කියනවා. ආපහු එනවා කියනවා. නැහැ කියනවා. ගෝලීය මාධ්‍ය බලන් ඉන්නවා. ගුවන් යානය ලෝකයේ ට්‍රැක් වෙනවා. යන්න රටක් නැතුව අතන ඉන්නවා. මෙතන ඉන්නවා. අන්තීමට අරාබි රටකට යනකම් සම්පුර්ණ ගමනම එකම නාට්‍යයක් උණා.

මම අහන්නේ මීට වඩා හොඳ නික්ම යාමක් මනුස්සයකුට තියෙන්න බැරිද? එහෙම නික්ම යාමක් පරිකල්පනය කරන්න බැරිද? මම කියන්නේ හිට්ලර් පවා තමන්ගේ බංකරය තමන්ගේ අවසන් තැන හැටියට තෝරාගත්ත කියන එක (අවම වශයෙන් හොලිවුට් චිත්‍රපට ශානරයට අනුව). මොනවා උණත් හිට්ලර්ගේ තේරීම ඇතුලේ දේශපාලන සංකේතනයක් තියනවා. අවම වශයෙන් නාසීන්ගේ පැත්තෙන්.

අපි දේශපාලනය කියන අවදානම් කළාපය තෝරා ගන්න කොටම මරණය කියන එක තෝරා ගන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඒක වමේ දේශපාලන සාහිත්‍යය ඇතුලේ ගොඩක් කතා කරලා තියනවා. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය ඇතුලේ.

ඉතිං හිට්ලර් දැනගෙන හිටියා තමන් කරපු කියපු දේවල්. සහ තමන් කරපු අඳුරු ක්‍රියාවල ශේෂ වෙච්ච අවතාර තමන් පස්සේ එනවා කියලත් එයා දැනගෙන හිටියා. ආයේ ලෝක අධිකරණයකට යන්න තරම්, එහෙම ගිහිල්ල මුහුණ දෙන්න තරම්, සාපරාධී ශිෂ්ටාචාර අපරාධ ගොඩක් නෙවෙයි එයාගේ එකවුන්ට් එකේ තිබ්බේ. ලෝක අධිකරණයක් අහන ප්‍රශ්න වලට උත්තර හිට්ලර් ළඟ තියෙන්න නැතුව ඇති. තිබ්බත් ඒවා වැඩක් නැහැ කියල එයාට තේරෙන්න ඇති.

ඒ නිසා හිට්ලර් වගේම එයාගේ සමීප කිහිප දෙනෙකුත් තෝරාගත්තේ සමාජයට උත්තර බඳින තර්කයේ භාෂාව නෙවෙයි මරණය. එතනින් එයාලගේ වැරදුණ ශිෂ්ටාචාර ගමන අවසන් කළා. අවම වශයෙන් එයාලගේ පැත්තෙන් චාටර් උණේ නැහැ. එහෙම සංඥාවක් ඉතුරු කළේ නැහැ.

ගෝඨා කියන්නේ හිට්ලර් කෙනෙක් නොවුණත් එයාගේ දේශපාලන ඇතුලෙත් අඳුරු වලාකුළු ගොඩක් තිබ්බා. එයාගේ සහෝදරයා එක්ක ආරම්භ කරපු දේශපාලන ගමන ඇතුලේ ඒවා සලකුණු වෙලා තිබ්බ. තජුඩීන්, ලසන්ත, ප්‍රදීප්, සිවරාම් විතරක් නෙවෙයි නෙවෙයි උතුරේ දකුණේ තව ගොඩක් අයගේ නොවිසඳුණ ඉරණම් එක්ක ගෝඨාගේ නම ගෑවිලා තිබ්බ. ඒ නිසා තමයි මාලේ ගුවන් තොටුපළේ දී දෙමළෙන් බැනුම් අහන්න වෙන්නේ.

ඒ තමයි අර හරි අවසානයක් තිබ්බ නැති – දුන්නේ නැති මිනිස්සුන්ගේ සාමූහික විලාපය. කේන්තිය.

යන යන තැන පෝස්ටර් උස්සගෙන එයාල එයාලගේ ආදරණීයන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිනවා. ඉතිං ගෝඨාට ඉන්න වෙන්නේ ඒ ප්‍රතිචාර දිහා බලාගෙන. විශේෂයෙන් ඩයස්පෝරා සන්දර්භයක් ඇතුලේ.

කෙනෙකුට කියන්න පුළුවන් මරණය බියගුළු කමක් කියලත්. අර ප්‍රතිචාර දිහා බලාගෙන ඉන්න එක සහ ඉවසගෙන යන එක ධෛර්යයක් කියල කියන්නත් පුළුවන්. ආපහු සේනා සංවිධානය කරලා එන්න පුළුවන් කියලත් කියන්න පුළුවන්.

හැබැයි ගෝඨා එන්නේ ‘විරුවා’ කියාගෙන (warier). ඉතිං එයා ඉන්න ඕනි සහ යන්න ඕනි බහින ඉර දිහා බලාගෙන මරණය වෙත යන යන නිර්භීත අසරුවෙක් වගේ. හැබැයි එයා ටර්මිනල් අතරින් යන්නේ බැනුම් අහ අහ චාටර් වේවි.

අනික් අතට හැමෝම කියන්නේ ‘එලෙව්වා’ කියල. සමහරු කියනවා ‘පැනල ගියා’ කියලත්. විධායක ජනාධිපති කෙනෙක් එළෙව්ව පළමු වතාව කියලත් කියනවා. ඒවා ඔක්කොම නෙගටිව් දේවල්. අර නිර්භීත අසරුවා කියන විරුවා ඉමේජ් (ප්‍රතිරූපයට) එකට ප්‍රතිවිරුද්ධ දේවල්. අහස ප්‍රකම්පනය කරගෙන ආව කියන එකට සම්පුර්ණයෙන් වෙනස් දෙයක් තමයි අපි ඔහුගේ නික්ම යාම ඇතුලේ දැක්කේ. .

‘පැනල දිව්ව විරුවා’ කියන එක අහගෙන ජීවත් වෙලා වැඩක් නැහැ කියල මට හිතෙනවා.

ඒකයි සමුරායි සම්ප්‍රදායේ කියන්නේ මරණය කියන එක වැළඳගෙන ඉන් පස්සේ ජිවත් වෙන්න පටන් ගන්න කියල. මම හිතන්නේ නැහැ ගෝඨා එහෙම උත්කෘෂ්ට ෆැන්ටසි එකක් නඩත්තු කළා කියල. ඉතිං මේක තමයි අවසානය.

දැන්වත් දේශපාලනයේ අවදානම් අඳුරු කළාපය වෙත යනවා නම් මෙහෙම පැනල යන්න හිතන්න එපා. මරණය තෝරා ගන්න. සමුරායි කෙනෙක් ලෙස නික්ම යන්න.

සියළු දේවල් සලකා බැලුවත් අද දවසේ ගෝඨාගේ ෆොටෝ එකක් පහළ අමුණන්න ඕනි උනත් මම ආස නැහැ ඒක කරන්න. ඒ එයා කිසිම දවසක මගේ වීරයෙක් නොවුණු නිසා. ඒ වෙනුවට මම ජීවන ආශ්වාදයක් ලබාගත් ‘හිඩැල්ගෝ’ වීර කාව්‍යමය චිත්‍රපටයේ ඉමේජ් එකක් මේ ඓතිහාසික මොහොතේ අමුණනවා.

hidaro

මහේෂ් හපුගොඩ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….