සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි

සාමයේ තොතැන්නක් වන හැටන් නගරය කේන්ද්‍ර කර ගෙන සිටික් ආයතනය මගින් අද දින ආරම්භ කරනු ලබන මෙම සර්ව ආගමික පුජ්‍ය එකමුතුව හා සාම කමිටුව තුලින් මේ රටේ ජාතින් අතර සාමය පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කිරිමට හැකි වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජක තුමන් පවසයි.
හැටන් සිටික් ආයතනය මගින් 20වන දින සංවිධානය කරන ලද ප්‍රදේශයේ සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවිමේ අවස්ථාවේදි මේ බව පැවසු නියුමන් පිරිස් පියතුමන් එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
අපි මොන ආගමේ වුනත් මොන ජාතියේ වුනත් අපි ශ්‍රිලංකා මවගේ දරුවන් ලෙස ජිවත් විය යුතුයි එසේ කලොත් තමයි අපිට මේ රට තුල එකම මවකගේ දරුවන් ලෙස ජිවත් විමට හැකි වන්නේ.
අද හැටන් නගරය ගත් විට මෙහි සියලුම දෙනා එකට ජිවත් වෙනවා එකයි මම පැවසුවේ හැටන් නගරය සාමයේ තොතැන්නක් බව මේ වගේ අන් නගරවලත් සියළුම දෙනා එකට ජිවත් විමට පියවර ගත යුතු බවයි මාගේ අදහස.
මෙහිදි අදහස් දැක්වු නාසිම් මවුලවි පුජක තුමන් අද අපිට සාමය අවශ්‍යම දෙයක් මෙයට වසර පහකට පෙර සිදුවු පාස්කු ප්‍රහාරය අපි පිලිකුලෙන් හෙලා දකිනවා මොකද එවැනි දේවල් සිදු නොවිය යුතු දේවල් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් පසු ගිය දිනක සි. අයි. ඩි. එකට යම් ප්‍රකාශයක් කර තිබෙනවා අපි කියන්නේ මෙම ප්‍රකාශ පිලිබදවත් පරික්ෂන පැවැත්විමට පියවර ගත යුතු බවයි.
මිය ගිය පාලිත තෙවරප්පෙරුම මහතා ගැන කතා කරන විට ඔහුගෙන් අපිට හුගක් දේවල් හිතන්න තියෙනවා ඔහු මොන දේශපාලකයෙක් වුනත් ඔහු සිදු කල මහජන සේවය පිලිබදව හුගක් දේවල් දැන ගන්න ලැබුනේ ඔහු මිය ගියාට පසුවයි.
යම් පුද්ගලයකුගේ හොද සියයට අනු නවයක් තිබුනත් ඔහුගේ සියයට එකේ වරද ගැන තමයි හුගක් අය කතා කරන්නේ මගේ මේ සුදු ඇදුමේ යම් හෙයකින් කලු තිතක් තිබුනොත් හුගක් අය අහයි ඇයි මේ ඇදුමේ කලු තිතක් කියලා එයයි අද මිනිදස් සෝබාව මෙය වෙනස් විය යුතුයි අපි මොන ආගමේ වුනත් මොන ජාතියේ වුනත් අපි මිනිස් ජාතියක් ලෙස එකට එක්ව ජිවත් විමට පියවර ගත යුතුයි.
හැටන් සිටික් ආයතනයේ සම්බන්ධිකාරක එස්. නිකලස් එහි සාම කටයුතු අංශයේ සම්බන්ධිකාරක කේ. සිවකුමාර් එහි සම්බන්ධිකාරිකා එස්. දර්ශි යන මහත්ම මහත්මින් විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙම වැඩ සටහන ආරම්භයේදි ඉට් පන්දම් දල්වා මෙයට වසර පහකට පෙර එල්ලවු පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිකිරිමක් හා එයින් තුවාල ලැබුවන්ට සෙත් පැතිමක්ද සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….