අනධ්‍යන සේවකයින් කොට උඩ

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම අවිධිමත් කිරීම නිසා සේවකයන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණදි තිබෙනා බව අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් අනාවරණය කළහ.

2021වසරේ ස්ථානමාරු සදහා අයුදුම්පත්‍ර කැදවීම ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකෙරුනත් එම ස්ථානමාරු අයදුම් පත්‍ර වලටම පමණක් සීමාවි ඇති බව ඔවුන් කීහ.උතුරු මැද පළාතේ පාසල් රැසක අනධ්‍යන සේවක සේවිකාවන් දහසකට අධික ප්‍රමාණයක් සේවය කරන බවත් එකම සේවකයා වසර 6-7ක කාලයක් එකම පාසලේ රැදී සිටිනා බව ඔවුන් පෙන්වා දුන්හ.

ආණ්ඩුකාර ලේකම් පළාත් අධ්‍යාපන ලේකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කළාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරිගෙන් සැදුම් ලත් කමිටුවක් ස්ථාන මාරු සදහා පසුගිය සමයේ පත්කළත් එම කටයුතු මන්දගාමිවීම පිළිබදව සේවකයන් සිය අප්‍රසාධය පලකළහ.

පාසල් කාර්යාල කාර්ය සහයකවරුන් රසායනාගාර සහකාරවරුන් හා පාසල් මුරකරුවන් යන තනතුරුවල නිරතවන්නන් සේවා ස්ථාන මාරු ලබාගැනීමට නොහැකිව මෙලෙස අපහසුතාවන්ට මුහුණදි සිටිති.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සේවකයන්.අවුරුදු හයක් හතක් අපි එකම තැන ඉන්නවා.

සමහර සේවකයන්ට ස්ථානමාරු අවශ්‍ය නෑ ඔවුන් නිවෙස් ආසන්නයේම තියෙන පාසල් වල සේවය කරන නිසා.පිට පළාත් වලින් සේවයට එක්වුණු අය ඉන්නවා.ඈත පළාත් වල ඉදන් දිනපතා සේවයට යන එන අය විශාල පිරිසක් ඉන්නවා.ඒ අයට ස්ථාන මැරු අවශ්‍යයි.

සැප්තැම්බර් මාසේ තමයි ස්ථාන මාරු සදහා අයදුම්පත් කැදෙව්වේ.දැන් වසරකට ඉතා ආසන්නයි.කොවිඩ් ව්‍යසනය තිබ්බා කියලා මේ කටයුතු අනිත් පළාත් වල අතපසු වෙලා නෑ.උතුරු නැගෙනහිර ඇතුළු සෙසු සියළුම පළාත්වල මේ ස්ථානමාරු විධිමත්ව සිද්ධවෙලා තියනවා.

අධ්‍යාපනයේ හැම කටයුත්තක්ම ආපස්සට යවන්නේ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරින් නිලධාරින් ඇතුළු පිරිස්.ඒ නිසා කඩිනමින් මේ කටයුතු අවසන් කරලා අවුරුදු 6-7ක් එකම තැන පල්වෙන සේවකයන්ට ස්ථාන මාරු ලබාදෙන්න කියලා බලධාරින්ට දන්වා සිටිනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….