එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි

ජේ.ආර්. ජයවර්ධන  එදා උතුරු  කොළඹ  පෞද්ගලික  වෛද්‍ය  විද්‍යාලය ආරම්භ  කරන්න  උත්සාහ   කළා.චන්ද්‍රිකා  කුමාරතුංග  තවත පෞද්ගලික  විශ්ව  විද්‍යාල  ආරම්භ  කරන්න  උත්සාහ  කළා.මහින්ද  රාජපක්ෂ  සයිටම් එක පටන්  ගත්තා.රනිල් වික්‍රමසිංහ  ඒක අරගන ගියා, ඒකෙ දිගුවක්  හැටියට  එදා  කරගන්න  බැරිවුදේ  අද  ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිවරයා  අද කොතලාවල පනත හරහා කරන්නට යනවා.” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ  දේශපාලන  මණ්ඩල සාමාජික , හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී  ,වෛද්‍ය  නලින් ද  ජයතිස්ස  මහතා  කීවේය.

පාර්ලාමේන්තුවේ විවාදයට භාජනයවන කොතලාවල  ආරක්ෂක  ව්ශ්ව විද්‍යාල පනත පිළිබඳ අදහස්  දක්වමින්  වෛද්‍ය  නලින්  ද ජයතිස්ස  මහතා මේ අදහස් ප්‍රකාශ කළේය .අපේ රටේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන,ඒ වගේම අධ්‍යාපනය  මිල්ටරිකරණයට පාර කපන,අති භයානක පනතක් කොතලාවල  ආරක්ෂක  විශ්ව  විද්‍යාල පනත නමින්  පාර්ලමේන්තුවෙ  සම්මත  කර ගැනමට උත්සහ කරනවා.

එක පැත්තකින්  රටෙි කොවිඩ්  වසංගතය  පෙන්වලා ආණ්ඩුව   මර්දන  ක්‍රියාත්මක ය කරගන යනවා.ඒ වගේම මෙි අස්සෙ  පාර්ලිමේන්තුව රැස්කරල නිදහස්  අධ්‍යාපනය වනසන පනත පාර්ලමේන්තුවෙ  සම්මත  කරන්න උත්සාහ  කරමින්  තිබෙනවා.

මේ පනත  සම්මත  කළොත්  මේ රටේ  අහිංසක  දෙමාපියන් ගේ දු දරුවන්ට නිදසේ ඉගන ගන්න තියෙන අයිතිය  වනසන, නිදහස්  අධ්‍යාපනය මුදලට විකුණන කොතලාවල  පනතට එරෙහිව  මෙි රටෙි සියළු ජනතාව  නැගි සිටිය යුතු වෙනවා. කොතලාවල  ආරක්ෂක විශ්ව  විද්‍යාල  පනත  ක්‍රියාත්මක  කළොත් අපේ රටේ  මුදලට උපාධි  දෙන උපාධි  කඩ දිස්ත්‍රික්කයක්, දිස්ත්‍රික්කයක් ගානෙ බිහිවන එක නතර  කිරිමට නොහැකි  වෙනවා.

මේ පනත  සම්මතවු පසඅ අපේ රටේ දරුවන්ට , වෛද්‍යවරු,නීතිවේදීන්, ඉංජිනේරුවන් වීමට තියෙන නිදහස් අධ්‍යාපනය   අහිමි වෙනව.ඒ වෙනුවෙන් ආණ්ඩුව  මොන තර්ජන, ගර්ජන, මර්දන   දියත් කලත් ජනතා  විමුක්ති  පෙරමුණ  ⁣ඊට එරෙහිව  සටන් කරනවා. මේ රටෙි  නිදහස්  අධ්‍යාපනය  වෙනුවෙන්   ජනතාව සමග පාරට බැහැල ඉල්ලා සිටින්නෙ මේ් රටේ නිදහස් අධ්‍යාපනය  වනසන  මේ පනත පාර්ලමේන්තුවෙ  සම්මත  කරන්න  එපා කියලයි .

ජේ. ආර් .ජයවර්ධන  එදා  රාජ්‍ය  අනුග්‍රහයෙන්  පෞද්ගලික  විශ්ව  විද්‍යාලයක්  පටන්  ගන්න  හැදුවා ,නමුත්  ඒක අසාර්ථක  වුණා.ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතු වරයා  හමුදාව යොදාගන මිල්ටරිකරණයෙන් ඒක කරන්න හදනවා.මෙි රටේ තමන්ගෙ දුවා දරුවන්ට උගන්වන්න කැමැත්තක් තියෙන දෙමාපියන් මේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි අරගලයට එකතු වියයුතුයි.

ආණ්ඩුව කොරෝනා  වලට මුවා  වෙලා මෙි රටේ ජනතවගේ භාෂණයට, ප්‍රකාශනයට තියෙන  නිදහස  අහිමි  කර තියෙනවා .ගොවියාගේ , කම්කරුවන්ගේ  අයිතිය වෙනුවෙන්  සටන්කළ, ගොවි නායකයො, කම්කරු නායකයො, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො  අත් අඩංගුවට  ගන්න පටන්ගෙන  තියෙනවා .මෙි සදහා කොරා්නා පාවිච්චි  කරනවා.කොරෝනා වසංගතය ඉස්සරහට  දාගන මිනිස්සුන්ගෙ කටවල් වහන්න ආණ්ඩුව  උත්සාහ කරමින් සිටිනවා. ආණ්ඩුවෙ අසමත්කම් වහ ගන්න, ආණ්ඩුවෙ බැරිකම්, හොරකම්, වහගන්න කොරෝනා  පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා කියල  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ  ජනරාල්  වරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ රටේ කොරෝනා  මර්දනය  කිරිමට ජනතාවගේ  සහාය ගන්නවා වෙනුවට ආණ්ඩුවෙ බැරිකම් වහ ගන්න කොරෝනා  මර්දන  පනත් පිරුවටයක් කර ගැනීම ගැන ආණ්ඩුව  ලැජ්ජා විය යුතුයි .කොරොනා  වලට මුවා  වෙලා කෙරෝනා නිතිය මර්දන  නීතියක් කරගන ජනතාවගේ  ප්‍රකාශනයේ, භාෂණයේ,නිදහස නැති කරල,  , කට වහල රට ගෙන යන්න ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිතුමා හිතනවනම් ඒකට ඉඩ ලැබෙන්නෙ නැහැ.

එස් . පොද්දෙණිය  – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….