කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්

 හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක්  ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වාහනයට මග හරස් කොට එහි ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බරපතළ තුවාල වන අන්දමින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ  සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක්  හබරකඩ, හා අතුරුගිරිය, පනාගොඩ, කළුතර වැනි ප්‍රදේශයන්හි දී ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් යතුරු පැදියක්, ත්‍රීරෝද රථයක්, ජංගම දුරකථන දෙකක්,ජීව අත්බෝම්බයක් ඇතුළු තියුණු ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.
මෝටර් රථයේ ගමන් කර ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මෑන්පවර් ආයතනයක් පවත්වාගෙන යනු ලබන වෙළෙඳ ව්‍යාපාරිකයකු වන බවත් කප්පම් සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවත් තියුණු ආයුධවලින් පහර දෙන අවස්ථාවේ දී එය පුද්ගලයකු විසින් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
සිදුකළ  පහරදීමෙන් බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා අතුරුගිරිය මූලික රෝහල කරා ගෙන ගොස් ඇත්තේද ත්‍රී  රෝද රථයේ සිට ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කළ පුද්ගලයා බවට අනාවරණ වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් ප්‍රධාන  සැකකරු ශ්‍රී ලංකාර මාවත, හබරකඩ ප්‍රදේශයේ පදිංචි 35 වන වියේ පසුවන අයෙක්  බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු  ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 450 ක් හා ඔහු ගමන් ගත්  ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් බවත්     අනෙක් සැකකරුවන් තිදෙනා දැඩිගමුව, පනාගොඩ, දොඩම්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචි 21. 27. 34 වැනි වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බවත්  දොඩම්ගොඩ බෝඹුවල ප්‍රදේශයේ පදිංචි සැකකරු හමුදාවෙන් පලාවිත් ඇති සෙබලෙක් බවට අනාවරණය වූ බවත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබූ ජීව අත්බෝම්බයක් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.
මෙම පහර දීම සඳහා පැමිණි අනෙක් තිදෙනා ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථනයේ පටිගත ව තිබූ වීඩියෝ දර්ශන ඔස්සේ සිදුකළ සිදුකළ පරීක්ෂණවලින් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතුරුගිරිය බස් නැවතුම් පොළේදී සහ දැඩිගමුව, දොඩම්ගොඩ යන ප්‍රදේශයන්හි නිවාස වල සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බව ද පොලීසිය පැවසීය.
මෙම සිදුවීම පසුගිය ජුනි මස (29) වැනි දින සිදුව ඇති බවත් මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය ඉතා බරපතළ බවත් පොලීසිය පැවසීය.
පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගිය පාතාල නායකයන් වන අරුණ උදය පතිරණ නොහොත්  සමයං නැමැති පුද්ගලයාගේ සහ දිනෙන්  නුවන් මාබුලගේ නොහොත් ඌරු ජුවා නැමැති  පුද්ගලයන්ගේ පාතාල කල්ලියට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන අපරාධ රැසක් සිදු කර  අධිකරණය මගින් ඇප ලබා දීමෙන් අනතුරුව ඩුබායි රටට පලාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමි නැමැති පුද්ගලයා මෙම ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයාගෙන් විටින් විට ඩුබායි රටේ සිට දුරකථන ඇමතුම් මාර්ගයෙන්  කප්පම් වශයෙන් ඉල්ලූ රුපියල් ලක්ෂ 50 මුදල  ලබානොදීම සම්බන්ධයෙන් කිහිපවිටක්ම දුරකථන මාර්ගයෙන් හා ගෝලයන් මාර්ගයෙන් තර්ජනාත්මක පණිවිඩ කිහිපයක් මෙම ව්‍යාපාරිකයාට  ලබාදී ඇති බවත් එම පණිවිඩ කිසිවක් ගණන් නොගෙන ව්‍යාපාරිකයා විසින් කප්පම් මුදල් ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්වූ චමී නැමති පාතාල කල්ලි සාමාජිකයා විසින්  මෙරට සිටින ඔහුගේ ගෝලයින් ලවා මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පැවසීය.
පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ටයිල් නිෂ්පාදන ආයතනයකට සේවකයින් හා කම්කරුවන් ලබා දෙනු ලබන ව්‍යාපාරයක් සිදු කරන අතර එම ව්‍යාපාරය බාධාවකින් තොරව  කරගැනීමට නම් මූලිකව  රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් සහ සෑම මසකම රුපියල් ලක්ෂ 05 බැගින් කප්පම් මුදල් තමාගේ ගිණුමට බැර කර  ලබා දෙන ලෙස  ඩුබායි රටට පලාගොස්  සැඟව සිටින  අපරාධ කල්ලි සාමාජිකයා විසින් අන්තර්ජාල දුරකතන සම්බන්ධතා හරහා මෙන්ම වට්ස්ඇප් හා ස්කයිප්  තාක්ෂණය ඔස්සේ දැනුවත් කර ඇති බවත් ව්‍යාපාරිකයා ඊට කිසිදු ප්‍රතිචාර නොදැක්වූ හෙයින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලීසිය පැවසීය.
මෙම පහරදීම සිදු කිරීම සඳහා හංවැල්ල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද යතුරුපැදියක් උපයෝගී කරගනිමින්  පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති බවත්  ව්‍යාපාරිකයා ගමන් ගත් වෑන් රථයට මඟ හරස් කර ඔවුන් තිදෙනා කඩු හා මන්නා පිහි වැනි ආයුධ වලින් ව්‍යාපාරිකයාට පහර දීමේදී  සැකකරු එම ස්ථානයට  ත්‍රීරෝද රථයකින් පැමිණ පහර දීමේ සිද්ධිය ත්‍රීරෝද රථයේම සිට රහසිගතව  තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර එම දර්ශන ඩුබායි රටේහී සැඟව සිටින චමී නැමැති අපරාධ කල්ලි සාමාජිකයා වෙත යවා ඇති බවත් ඒ වෙනුවෙන් සැකකරුට  මෙරට සිටින පුද්ගලයකු මාර්ගයෙන් මුදල් ලබාදී ඇති බවත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව අපරාධ කොට්ඨාශය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් මහෙස්ත්‍රාත් අධිකරණයට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ ) ආයාස කරුණාරත්න බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත  මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර,උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර පොලිස්  සැරයන් 56958 ප්‍රසන්න ,56951 සුනිල්, 21284 බණ්ඩාර, 40248 ප්‍රසන්න, 51496 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 72338 ලලන්ත, 78680 අමිල, 70471 තෙන්නකෝන්, 84762 කුමාර, 81600 සමීර යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….