ගම්පහ අධිවේගයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

gampaha-road

ගම්පහ මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවතාවක් ජලයෙන් යට වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු එම  ඉදිකිරිම් තාවකාලිකව  අත්හිටුවා තිබේ.

මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ අනුව සිදු වන බවත්සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම සැලැස්ම සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹීම ඉදිරි සති දෙක තුළ සිදු කිරිමට නියමිතය.

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර මෙම යටවීමට එක් හේතුවක් වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට චෝදනා නැගිණි.

මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා (09) මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කිරීමට තීරණය කෙරිණ.

ඒ අනුව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා (12) දින ගම්පහ සහ අත්තනගල්ල ප්‍ර දේශවල මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ජලයෙන් යට වු ප්‍ර දේශ නිරීක්ෂණය කළ අතර මහජන අදහස් ද විමසා බලා ඇත.

ගම්පහ රත්මල්විට ප්‍ර දේශයේ වෙල් යායක් හරහා ඉදිකර ඇති අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය නිරීක්ෂණයට එහි ගිය ඇමතිවරයාට ප්‍ර දේශවාසීන් පෙන්වා දුන්නේ එම ප්‍ර දේශය යට වීමට හේතුව සැපයුම් මාර්ගය හේතුවෙන් ජලය බැස නොයාම බවයි.

එහි ඉදිකිරීම් සිදු කළ ඉංජිනේරුවරුන්ට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ ද එය සැලකිල්ලට නොගත් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඉඩම් ගොඩකීරිමේ සංස්ථා නිළධාරීන් එම ප්‍ර දේශ ජලයෙන් යටවීම සම් න්ධයෙන් ලබා දී ඇති වාර්තා අසත්‍ය බවත් මේ ඉදිකිරීම් කවදුරටත් සිදු වුවහොත් ගම්පහ නගරය ජලයෙන් යට වීම වැලැක්විය නොහැකි බවත් මෙහි දී අවධාරණය කෙරිණ.

අත්තනගල්ල ප්‍ර දේශයේ තල්ගස්මොටේ හා මැදවත්ත ප්‍ර දේශ වල ඉදිකර ඇති සැපයුම් මාර්ගය ද එහි කුඩා පාළම ද මෙහි දී ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුහ.

මැදවත්ත ප්‍ර දේශවාසීන් මෙහි දි ඇමතිවරයාට පෙන්වා දුන්නේ එම ප්‍ර දේශය දෙකඩ කරමින් පස් කදු මත ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය තාවකාලික සැපයුම් මාර්ගයක් බව තමන් විශ්වාස කළ බවයි. මේ නිසා ඊට විරෝධය පළ නොකර බවත් මේ ඉදිවෙමින් පවතින්නේ ස්ථිර අධිවේගී මාර්ගය බව තමන් දැනගත්තේ මෑතක දී බවත් ඔවුහු කියා සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පෙන්වා දුන්නේ මෙම ප්‍ර දේශයේ දී කණු මත අධිවේගී මාර්ගය ඉදිකිරීම සැලසුම් කර තිබුණ ද පසුගිය රජය යටතේ එය වෙනස් වූ බවයි.

ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් රට සංවර්ධනය කර ඵලක් නැතැයි මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍ර දේශවල කණු මත ඉදිකිරීමට සැලසුම් කර තිබු මධ්‍යම අධිවේගී මාර්ගය වියදම වැඩි බව කියමින් යහපාලන ආණ්ඩුව එය සංශෝධනය කළ බව කීවේය.

ගම්පහ මෑතක දී ඇති වු ගංවතුර තත්ත්වයට මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවක් නම් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ අදාළ සැලැස්ම වෙනස් කළ යහපාලන ආණ්ඩුව බව ද ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ගම්පහ, අත්තනගල්ල හා මීරිගම මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් ජනතාවගේ සහ ඉංජිනේරුවරුන්ගේ අදහස් ලබා ගනිමින් තිබෙන බව පැවසු ඇමතිවරයා ඒ අනුව අදාළ සැලැස්ම සංශෝධනය කර නැවත අධිවේගී මාර්ගය කණු මත ඉදිකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බව ද කීවේය.

ඒ සදහා අමතර පිරිවැයක් දැරීමට වුවද ආණ්ඩුව සුදානම් බව පැවසු ඇමතිවරයා රටකට අධිවේගී මාර්ග අවශ්‍ය බවත් ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් විමට ඉඩ නොදීම රජයේ ප්‍රතිපත්තිය බවත් අවධාරණය කළේය.

පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්ත්වයට බල පෑ තවත් හේතුවක් වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළවේලි නිසි ලෙස නඩත්තු නොකිරීමයි. මේ සදහා ද වත්මන් ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තිබෙන බව ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ශානිකා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….