ගම් පිලේ ප්ලාස්ටික් පැදුර වෙනුවට යළි පන් පැදුර එළනවා

කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ඉත්තෑපාන , “ පන් තොට “ ගමට නම ලැබුනේ දේශිය පන් කර්මාන්තය නිසාය. කුඹුරේ නියරේ සරුවට වැවෙන වැටකෙයියා ගසේ පටන් ගල්ලැහැ, පොතුකොළ, බොරු පන්,එළු පන් ඇතුළු පන් වර්ග රැසකින් දෙස් විදෙස් වෙළදපළ පන්තොට පන් වලින් පණ ලැබිය. පන්තොට මුළු ගමම අතිතයේ එකම වැඩ බිමකි. කිසිවෙකුටත් අත නොපා ජිවත්වන සිය ගණනකගේ අටු කොටු සරු සාර වුයේ පන් ගසේ පණ නිසාය. වියපත් අත්තම්මාගේ පටන් කුඩා සිගිත්තිය දක්වා කාන්තාවෝ පන් ගසට පන දුන්නෝය. නමුත් වර්තමානයේ පන්තොට නැත්තේ පන් පමණි.

මාලු පාන් වල මාලු නැත.කිඹුලා බනිස් වල කිඹුල්ලු නැතිවාසේම පන්තොට ගමේද අද පන් ගසක්, පන් පැදුරක්, පන් මල්ලක් සොයා ගැනිමට නැත.පන්ගසෙන් පණ නළ ගැටගසා ගත් කාන්තාවෝ ඇගළුම් සොයා ගෙසින්ය. තවත් පිරිසක් දු දරුවන් රැකගැනිමට දුරු රට ගොසිනි.එදා තිබුණු සරුසාර ආර්ථිකය, වැඩ බිමක් වු ගම අද වල් බිහිව , පුරන්ව ගිය වගුරු වනාන්තරයකි. අවස්ථා ගණනකදි දේශපාලකයෝ පැමිණ පොරොන්දු දි ගියත් පන් ගසටත් පන්තොටටත් පණ ලැබුනේ නැත.

පසුගිය මහා මැතිවරණයට පෙර පන්තොට ගමට ගිය බොහෝ දේශපාලකයින් අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතාද එක් අයෙකි.අවස්ථා ගණනකදි පන්තොට ජනතාවගේ එදා තිබු ස්වයංපෝෂිත පන් ආර්ථිකයට පණ දෙන්නට උත්සාහ කළ ජයන්ත සමරවිර මහතා පසුගිය දා පන්තොට ගමට යළි පණ දෙන්නට මුල පිරුවේය.“ අප කවුරුත් නොදැනම අපේ ගමේ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ පවත්වාගන ආව පරිසර හිතකාමි කර්මාන්ත අභාවයට යැව්වා.

පන්සලේ බණ මඩුවේ වගේ වගක් නැතිව පන් පැදුර වෙනුවට ප්ලාස්ටික් පැදුර එළාගත්තා. නමුත් අපි ආයෙමත් පන්සලේ එළාගත්ත ප්ලාස්ටික් පැදුර වෙනුවට පන් පැදුර එළනවා. කුස්සියේ ප්ලාස්ටික් හැදි අලුව වෙනුවට පන් හැදි අලුව එලනවා.යයි පසුගිය (29) දා පන්තොට ගමේ ගැමියන් එකතුකර කීවේය.

වේවැල්, පිත්තල, මැටි,ලීබඩු සහ ග්‍රාමිය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අක්කර 100 ක පන් වගා කිරිමේ “ අපේ පන්තොට“ ව්‍යාපෘතිය ආරම්භකළ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර, ප්‍රසන්නරණවිර ඇමතිවරුන් පන්තොට ගමේ තෝරාගත් පන් වගාකරුවන් 35 දෙනෙකුට පන් වගාව සදහා මුල්‍ය ආධාර බෙදාදි අළුතින් පන් වගා කිරිම ආරම්භ කරමින් පන්තොට ගමේ ජනතාව අමතා ජයන්ත සමරවිර මහතා පන්තොටට යළි පන් කර්මාන්තයගෙන ගමේ ආර්ථිකය ශක්තිමත් කරමින් පරිසර හිතකාමි කර්මාන්තයක් ලෙස දෙස් විදෙස් වෙළදපල පන්තොටට ළගා කරන්නට වේවැල්, පිත්තල, මැටි, ලිබඩු, සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇමතිවරයා අවස්ථා කිපයක් පන්තොටට රැගෙනවිත් “ අපේ පන්තොට“ ව්‍යාපෘතිය ආරම්භකරනු ලැබිය.

පන් වගාවට අවශ්‍ය මුල්‍ය දායකත්වය,පන් මුල්, අවශ්‍ය ඉඩම් ආදි සියළු පහසුකම් ලබාදි පන්තොට පාරම්පරික පන් කර්මාන්තයෙන් දේශිය කර්මාන්තය ශක්තිමත් කරන බව මෙම උත්සව අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා කීවේය. පන් කර්මාන්තයට අමතරව වැටකෙයියා, හණ, සහ වේවැල් වැනිහස්ත කර්මාන්ත ආශ්‍රිත වගාවන් සදහා මෙම වසර තුළ අක්කර 600 ක ව්‍යාපෘතියක් දියත් කර ඇති බවද කීවේය.

වළල්ලාවිට , ඉත්තෑපාන, පන්තොට ආරම්භ කළ “ අපේ පන්තොට“ ව්‍යාපෘතියේ ආරම්ක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න, වේවැල්,පිත්තල, මැටි, ලි බඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති ඇරැහැපොළ , වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා ඇතුළු පිරිසක් සහභාගිවුහ.

එස් . පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….