ගෞරව නාම ලබාදෙන කූඨ වැඩසටහනක්

jathika

ගෞරව නාම ලබාදෙන බව පවසමින් අයදුම්පත් යොමු කරනා ලෙස විවිධ පුද්ගලයන්ට දන්වමින් මුදල් වංචාකිරිමේ කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව මව්බිම පුවත්පතට අනාවරණය කර ගැනීමට හැකිවු අතර අනුරාධපුර පදිංචි මරංචි ජාවාරමුන් පිරිසක් මෙම ජාවාරම සිදුකරනා බවට තහවුරු කර ගැනීමට හැකිවිය.

දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයක වැඩවසනා හිමිවරුන්ගේ නාමයන් උපයෝගි කර ගනිමින් පුද්ගලයෙකු විසින් මුදල් වංචා කිරීම සිදුකරනා බවට ලැබුණු හෝඩුවාවකට අනුව එය මුදල් වංචාකිරිමේ කටයුත්තක් බව සැකහැර දැනගැනීමට හැකිවිය.

පුරාණ විහාරය මගලගොඩ වේයන්ගොඩ ලිපිනයේ වැඩවසන වී ධම්මකිත්ති නාහිමි නමින් දුරකථන අංක (0772276667) ඔස්සේ පෙනි සිටින වංචාකරා පුද්ගලයෙකු මුදල් රැස්කිරීම සිදුකරමින් සිටි.

සම්මාන උපාධි තක්ෂලාවේ සභාපති කැදවුම්කරු අධ්‍යක්ෂ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය අත්තුඩාවේ ධම්මානන්ද මහා ස්ථවීර (ගනේවත්ත පුරාණ විහාරය ගනේවත්ත) ලේකම් පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩහමුල්ලේ රථනපාල මහා ස්ථවීර (හත්බෝධි විහාරය ගොඩගම)යන නාමයන් යොදාගනිමින් මුදල් වංචාව සිදුවෙමින් පවති.

දේශපුත්‍ර දේශබන්දු ලංකා පුත්‍ර දේශකීර්ති ඇතුළු ගෞරව නාම සදහා පුද්ගලයන් තෝරාගත් බව කියමින් විද්‍යුත් ඊමේල් පණිවිඩ විද්‍යුත් මුදල් ඇනවුම් (පී.එම්.ටී) හා දුරකථන අංකය මගින් පුද්ගලයන් රවටමින් ඔහු වංචාවන් සිදුකරමින් සිටි.

ඔහු විසින් එවන ලද අයදුම් පත්‍රයක ඇති සියළුම විහාරස්ථාන වලට දුරකථන ඇමතුම් ලබාදිමේදි එම විහාරස්ථාන වල වැඩවසන ස්වාමින්වහන්සේලා කියා සිටියේ වී ධම්මකිත්ති නාහිමි යනුවෙන් කිසිදු ස්වාමින්වහන්සේ නමක් අදාල විහාරස්ථායන්හි වැඩ නොසිටින බවයි.

එමෙන්ම පුද්ගලයන් විශාල පිරිසක් ඇමතුම් ලබාදෙමින් ජාතික සම්මාන උළෙලක් පිළිබදව තමන්වහන්සේලාගෙන් විමසා සිටි බවත් එවැනි කිසිදු වැඩසටහනක් විහාරස්ථාන මගින් සංවිධානය නොකරනා බව උන්වහන්සේලා පවසා සිටියහ.

ජාතික සම්මාන උළෙලට තෝරාගත් පිරිස් ලියාපදිංචි කිරීම සදහා රුපියල් 3200ක මුදලක් කොරෝනා වසංගතය නිසා උපාධි ලෝගුව සදහා ලබාදිය හැකි ආධාර මුදලක් විද්‍යුත් මුදල් ඇනවුමක් මගින් ගෙවනා ලෙස අයදුම්කරුවන්ට සාමාන්‍ය තැපෑල මගින් යොමුකළ ලිපිවල සදහන්වේ.

මැයි මස 30 වනදා සම්මාන උළෙල කොළඹදි (ස්ථානයක් නැත)අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වෙන බවත්  මුද්‍රණ ගාස්තු පිත්තල ථලක තිළිනයන් පුවත්පත් දැන්වීම් පැමිණෙන සියළුම දෙනා සදහා ආහාර පාන සැපයීම සදහා විශාල මුදලක් වැයවෙනා බව වංචාකරුගේ ලිපියේ සදහන්වේ.එහෙත් සම්මානය නොමිලයේම පිදෙන බව එහි සදහන් කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු ත්‍රෛයිනිකායික මහනාහිමිවරු අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සම්මාන ලබාදෙන බව ලිපියේ සදහන්වේ.

මෙම සම්මාන උළෙල ව්‍යාජ එකක් බව අනාවරණය කර ගැනීමෙන් පසුව ධම්මකිත්ති නාහිමි ලෙස පෙනී සිටින මරංචි ජාවාරම්කරුට ඇමතුම් ලබාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහුට මව්බිමට උත්තර සැපයීමට පවා නොහැකිවු අතර පසුව දිගින් දිගටම අපවෙත ඇමතුම් ලබාගනිමින් පරුෂ වචනයෙන් බැණ වැදෙමින් කියා සිටියේ තොපි වගේ එවුන් එක්ක කිසිම වැඩක් කරගන්න බෑ යනුවෙනි.

සිද්ධිය අනාවරණය කර ගැනීමත් සමග වී.ධම්මකිත්ති නමින් විද්‍යුත් මුදල් ඇනවුම් යවා ඇති ඒවා ලබාගැනීමට මරංචි ජාවාරම්කරු කටයුතු කර නොමැති බව අනාවරණය කර ගැනීමටත් හැකිවිය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….