නඩු 15ක් ඇති කොල්ලකරුවෙක් අල්ලයි

aresst

මහමග ගමන් කරනා කාන්තාවන්ගේ මුදල් ඇතුළු වටිනා දේ සහිත අත්බෑගයන් කොල්ල කෑමේ නිරතවූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් නිසා නඩු 15ක ප්‍රමාණයකට අධිකරණය හමුවේ පෙනී සිටින මතට ඇබ්බැහිවි සිටින දෙදරු පියෙකු හා ඔහුගේ සහයකයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන නිලධාරින් විසින් (21දා)සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර නොච්චියාගම තඹුත්තේගම යන පොලිස්වසම් වලින් වාර්ථාවූ කොල්ලකෑම් පහක ප්‍රමාණයක් සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වු නිලධාරින් විසින් අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදේශයේදි කොල්ලකරු සොරාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු විසින් කොල්ලකන අත්බෑගවල තිබෙන රන් ආභරණ ජංගම දුරකථන ඇතුළු වටිනා දෑ උකස් කිරීමේ කාර්යයේ නිරතුවූ සහයකයා ඇලයාපත්තුව නෙල්ලිකුලමේදි අත්අඩංගුවට ගෙන තිබුණු අතර කොල්ලකෑ රන් ආභරණ හා ජංගම දුරකථන කිහිපයක් පොලිසිය සොයා ගෙන තිබේ.

කොල්ලකරු විසින් ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුවේ සේවය කරන කාන්තාවකගේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වන හෙදියක 62 හැවරදි කාන්තාවකගේ පුද්ගලික රෝහල් හෙදියක ඇතුළු කාන්තාවන් පස්දෙනෙකුගේ අත්බෑග කොල්ලකා ඇති අතර ඔහු කොල්ලයන් සදහා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා අධිවේගි යතුරු පැදියක් හා තවත් යතුරු පැදියක් නොච්චියගම පොලිස්වසමෙන් සොරා ගෙන තිබෙනා බව පොලිසිය පවසයි.

අනුරාධපුර නගරයේ බැංකු ආසාන්නයේ ගැවසෙන සැකකරු බැංකු වලින් මුදල් ලබාගන්නා කාන්තාවන් ඉලක්කර තිබෙනා බවත් කාන්තාවන් යතුරු පැදිවලින් ගමන් කරද්දි ඔවුන් පසුපස හඹා ගොස් අත්බෑගයන් කොල්ලකා පලායන බව පොලිසිය පවසයි.කොල්ලකෑම් වලට යොදාගත් එක් යතුරු පැදියක් සැකකරු කොල්ලකෑම් වලින් පසුව අතර මග දමාගොස් තිබියදි නොච්චියගම පොලිසිය සොයා ගෙන ඇති බව පොලිස් කණ්ඩායම කියයි.

සැකකරු ගම්පහ කොටුගොඩ ස්ථිර පදිංචිකරුවෙකු වන බවත් එම ප්‍රදේශවල කොල්ලකෑම් රැසක් සිදුකර පසුව අනුරාධපුර නෙල්ලිකුලම ප්‍රදේශයට පැමිණ තාවකාලික පදිංචිවි සිටිනා බව පොලිසිය පවසයි.ඔහුට වත්තල හා මීගමුව යන අධිකරණවල නඩු 15 ක් විභාග වෙමින් පවතින බවත් තවත් නඩු කිහිපයක් මේ වනවිට අවසන්වි ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු යතුරු පැදියෙන් පැමිණ කාන්තාවන් කරලා ගෙන සිටින අත්බෑග හා යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන යන බෑග ඉතා දක්ෂ අන්දමින් කොල්ලකා පලායන අයුරු නගරයේ පිහිටි ස්ථාන කිහිපයක සවිකර තිබූ ආරක්ෂිත කැමරා වලින් පොලිසිය තහවුරු කරගෙන තිබුණි.

සැකකරු අනුරාධපුර යාපනය හංදිය දහයියාගම හංදිය බන්ධනාගාරය ආසන්නයේදි කොල්ලකෑම් සිදුකර තිබෙනා අතර තඹුත්තේගම හා නොච්චියාගමදිත් කොල්ලයක් සිදුකර තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් නමයකට අධික ප්‍රමාණයක් තිබි හමුවු බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (22දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන ස්ථානාධිපති පොලිස් පරික්ෂක මහින්ද රණවීර පොලිස් පරික්ෂක ඒ.එම්.කේ.පී.ආර් කරුණාරත්න  පොලිස් සැරයන්වරුන් වන රළපනාව 24410 අජිත් 61252 බණ්ඩාර 57357 ප්‍රේමතිලක 54390 බණ්ඩාර 60231 යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….