kusaljanith

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ.

මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි.

මේ අතර බංග්ලාදේශය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැහැ.

දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි 8ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි හයක ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ජය පරාජයෙන් තොරව එක්දින තරගාවලි දෙකක් නිමාවට පත්ව තිබෙනවා.

දෙරට අතර මේ දක්වා එක්දින තරග 48ක් පවත්වා ඇති අතර ඉන් තරග 39 ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 07ක් පමණයි.

මෙරට වේලාවෙන් පළමු තරගය දහවල් 12යි 30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Similar Posts