බඩෝවිට අසංකගේ නෑනා අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසම තුළ හා ඒ අවට ප්‍රදේශයන්හි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත වූ කාන්තාවක් බොරලැස්ගමුව, බෙල්ලන්තර, ෆිල්ඩ් මවත ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් හෙරොයින් මත් කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට පමණ ආසන්න බවත් මෙම කාන්තාව ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මෙරට හෝ පිටරටක සැඟව සිටින බඩෝවිට අසංක නැමැති පුද්ගලයාගේ සහෝදරයාගේ බිරිඳ (නෑනා) බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගත් කර ගත් බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් එක්දරු මවක් වන  සැකකාරිය (25) වැනි වියේ පසුවන වැල්ලවත්ත, රන්ජන් විජේරත්න පුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් පොලීසිය පැවසීය.
සැකකාරිය හෙරොයින් මත්කුඩු රැගෙන පාගමනින් වැල්ලවත්ත ප්‍රදේශයේ සිට බොරලැස්ගමුව ප්‍රදේශයට පැමිණ යතුරු පැදියකින් පැමිණ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට රැගෙන යන අයකු හට ලබා දීමට සිටි බවත් කුමන හෝ ආකාරයකින් කාන්තාව අත්අඩංගුවට පත්වූ බව දැනගත් යතුරුපැදිකරු මෙම හෙරොයින් මත්කුඩු රැගෙන යාමට පැමිණ නොමැති බවත් එම යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසීය.
වැල්ලවත්ත ප්‍රදේශයේ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්  කරුවකුගේ සමීපතම ඇසුරක් මෙම කාන්තාවට ඇති බවත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීමේ කටයුතු රැකියාවක් ලෙස මෙම කාන්තාව සිදුකරන බවත් සිදුකළ මූලික පරීක්ෂණවලදි අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.
සැකකාරිය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක නුගේගොඩ කොට්ඨාස කලාප 01බාර පොලිස් අධිකාරී කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පොලිස් කොස්තාපල් 68843 දේශාන් යන නිලධාරින් විසින් සිදුකරනු ලබයි
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….