ලංකා බැංකු කොල්ලය වරදියි

වසංගත තත්වය නිසා තාවකාලිකව ගණුදෙනු නවතා දින තුනකට වසාදැමූ මිහින්තලය නගරයේ පිහිටි ලංකා බැංකුවේ මුදල් රන් භාණ්ඩ සේප්පු බිද රුපියල් කෝටි ගණනක සොරකමක් ව්‍යාර්ථ කර සොරකමේ සහයට පැමිණි දිවයිනේ නමගිය අපරාධකරුවෙකු (අයි.ආර්.සී) මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් ඊයේ (11දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය වැව ප්‍රදේශයෙ කැලෑවෙන් බැංකුවේ පිටුපසට පැමිණ සොර කණ්ඩායම පසුව එහි ආරක්ෂිත දැල කපාගෙන පෙරේදා රාත්‍රී 10.30ට පමණ ඇතුළුවි ඇති බවත් පසුව පිටුපස ජනේලයක ග්‍රීල් ගලවා පරිශ්‍රයට ඇතුළුවි පැය හතකරකට ආසන්න කාලයක් ආරක්ෂිත මෙවලම් අක්‍රීය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය තුළ සවිකර තිබූ අනතුරු ඇගවීමේ සීනූ නාදවනවාත් සමගම එහි පැමිණි මිහින්තලය පොලිසියේ නිලධාරින් සොරකමට අවශ්‍ය ඔත්තු සැපයු බවට සැකකරන සැකකරු සැගවි පලායාමට උත්සහ කළත් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් සමත්වි තිබේ.

බැංකු පරිශ්‍රයට ඇතුළුවූ සොරෙකු එහි ආරක්ෂිත කැමරා පද්ධතියේ වයර් සියල්ල කපාදමා පද්ධතිය විනාශ කර තිබෙනා බව පොලිසිය පවසයි.එහෙත් එම පද්ධතියේ සොරෙකු පැමිණි ආකාරය සටහන් දර්ශන කිහිපයක් තිබෙනා බව පොලිසිය පවසයි.

බැංකු පරිශ්‍රයට ඇතුළුවු සොරා එම ආයතයේ අනතුරු ඇගවෙන සීනුවේ පරිපථය මුළුමනින්ම හානී සිදුකර පසුව එහි සංවේදි(සෙන්සර්)පද්ධතිය පිළිබදව මනා දැනුමකින් බැංකු පරිශ්‍රය තුළ ඇති සෙන්සර් පද්ධතියට අසුනොවනා ආකාරයට ගමන් කර තිබෙනා බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවී තිබුණි.

එක් ස්ථානයක තිබූ සංවේදි කොටසෙන් සොරා ගමන් කිරීමත් සමග මිහින්තලය පොලිස්ථානයේ සවිකර තිබෙන අනතුරු ඇගවෙන සීනුව අළුයම 2.20 සිට නොනවත්වාම නාදවීම නිසා වහාම පොලිස් කණ්ඩායමක් බැංකුව වෙත ගොස් තිබේ.

එම අවස්ථාව වන විට බැංකුවේ කළමනාකරු සහකාර කළමනාකරු ඇතුළු උසස් නිලධාරින්ට බැංකුවට සොරු ඇතුළුවි ඇති බව දන්වමින් ජංගම දුරකථන වලට අනතුරු ඇගවීමේ සංඥා නිකුත්වි ඔවුන්ද කඩිනමින් ස්ථානයට පැමිණි බව පොලිසිය සදහන් කරයි.

බැංකුව බිදීමට පැමිණි පුද්ගලයන් බැංකු පරිශ්‍රයේ සංවේදි කලාප හොදින් හදුනාගෙන එ්වා මගහැර ගමන් කර ඇතත් එක් ස්ථානයකදි සිදුවූ අත්වැරද්දකින් ඔවුන්ගේ සොරකම වැලකී ගොස් ඇති බව පවසයි.

මෙම අවස්ථාව වනවිට බැංකුව ඉදිරිපිටටවි ඔත්තු බැලූ බවට සැකකරනා දිවයිනේ නමගිය අපරාධකරුවෙකු වන මිහින්තලය අඹතලාගම පදිංචි 28 හැවරදි මත්කුඩු වලට ඇබ්බැහිවි සිටින තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්වි ඇති අතර ඔහු සන්තකයේ තිබි ජංගම දුකරකථන දෙකකුත් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු ගෙවල් බිදුම් තුනකට සම්බන්ධවි අධිකරණය හමුවේ දඩුවම් ලබා තිබෙනා බවත් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා බව පොලිසිය පවසයි.මෙම සිද්ධියට ආසන්න වේලාවක මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු කහටගස්දිගිලිය ප්‍රදේශයේදි කහටගස්දිගිලිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනා බව පොලිසිය පවසයි.

දින තුනකට ආසන්න කාලයක් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බැංකුව වසාදැමී දැනගත් සොර කල්ලියක් එහි නවතැන්ගෙන බැංකුව බිදින්ට සූදානම් වන්නට ඇති බවත් මුලින්ම එහි ආරක්ෂිත කැමරා හා අනතුරු ඇගවිමේ පද්ධතිය විනාශ කිරීමට කිසියම් පුද්ගලයෙකු (10දා) රාත්‍රීයේ ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

බැංකු බිදිමේ දක්ෂයන් බවට සැකකරනා පිරිසක් පසුගිය වසර කිහිපයේම මූල්‍ය ආයතන වල සති අන්තයේ ලැගුම් ගෙන මහපරිමාන සොරකම් කිහිපයක් සිදුකර තිබුණි.ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව පරික්ෂණ සිදුකළත් සොරාගත් මුදල් රන් ආභරණ කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.

අනුරාධපුර නව නගරයේ පිහිටි එල්.බී ෆිනෑන්ස් ආයතනයේ සේප්පුව කපා රුපියල් කෝටි හයක රන් ආභරණ සොරාගත් අතර තලාව ලංකා බැංකුවේ සේප්පුව කපා රුපියල් කෝටි 25ක පමණ මුදල් හා රන් ආභරණ ඔවුන් සොරා ගැනීමට සමත්විය.පසුගිය (6දා) අනුරාධපුර නව නගරයේ බැංකු මුදල් මංකොල්ලකෑමට ගත් උත්සාහයක්ද වැලකි ගියේය.

උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස්මත මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඒ එල් ජයමාන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….