ලන්ච් ෂීට් තහනම යළිත් දැඩිව

lunchseet

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරිමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

මි.ලී.400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම ලන්ච් ෂීට්, හා කෘත්‍රිම තෘණ ඇතිරිළි ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත.

ඒ් අනුව

  1. එක්වරක් භාවිතා කරන බීම බට, ආහාර කළතන, (singje use sraws and stirrers)
  2. එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි හා යෝගට් සඳහා භාවිතා කරන

හැඳි. ( Single use spoons, forks,knives including yogurt spoons)

III. ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත අගල් 10 පළල, අගල් 04 හා 17 ප්‍රමාණවලට වඩා අඩු සිලි

සිලි බෑග්, ෂොපිං බෑග්, හා ග්‍රොසරි බෑග්. ( silli silli Bags, shopping bags, grocery bags of less

than 10(w)x5(G) x17(H) inch made of plastic or polythene.

  1. ප්ලාස්ටික් ඉඳි ආප්ප තට්ටු- ( Plastic string Hoppers trays)
  2. හඳුන්කූරු හා පහන්තිර අසුරණ සඳහා පොලිතීන් යොදා ගැනීම- (packing of incenses sticks and

wicks using polythene material)

  1. ප්ලාස්ටික් මල් මාලා – Plastic Garlands

VII. ප්ලාස්ටික් කෝප්ප – Plastic Cups

VIII. ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කෘත්‍රිම තෘණ ඇතිරිළි.- Artificial Grass mat

යනාදිය මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත. එසේම ලන්ච් ෂීට් තහනම් කිරීමට මින් පෙර තීරණය කර තිබුනද එම තීරණය විවිධ හේතුන් මත ක්‍රියාත්මක නොවීය. නමුත් එම තීරණය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම මි.ලී.400ට අඩු ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත බෝතල් තහනම් කිරීමට ද කටයුතු යොදා තිබේ. මිනිස් සෞඛ්‍යයටත් හානිකර පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශානිකා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….