policeathadangu-dead

පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇතැයි මඩකලපුව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහි පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් නම් විසි එක් හැවිරිදි තරුණයෙකි.

මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට ලද තොරතුරක් මත මඩකපුව පොලිස්  බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉකුත් ජුනි 02 දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවටය.

“එයාට මාංචු දාලා ගහක ගැටගහලා රෑ දහයමාරට විතර ගේ පරීක්ෂා කරා. මුකුත් හොයාගන්න බැරි වුණා. පස්සේ එයාව  ගෙදරින් මඩකලපු පොලිසියට ගෙනිහිල්ලා ලොකප් එකේ දැම්මා. අපිට කිව්වේ පොලිසියට එන්න එපා කියලයි. ඊට පස්සේ උදේ අපිට කිව්වා එයා මැරිලා කියලා, ඔලුවෙයි, බෙල්ලෙයි තුවාල පේන්න තියෙනවා,” යි විදූෂන්ගේ ඥාතීන් පවසයි.

මේ අතර විදුෂන්ගේ මව පවසන්නේ සිය පුතුට මාංචු දමා පැයක පමණ කාලයක්  පොලිස් නිලධාරීන් පහර දුන් බවය. පොලිස් වධහිංසා නිසා පුතු මිය යන්නට ඇතැයි  ඇය විශ්වාස කරයි.

මේ නිසා විදූෂන්ගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ මඩකලපුව  පොලිසීයෙන් ඉවත් කර එරාවුර් පොලිසීයට සිදු කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානි විසින් නියෝග කර ඇත.

ශානි /ලියෝරාජ්

Similar Posts