SRI LANKA-POLITICS-VOTE

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට පදනම ලෙස පාර්ලිමේන්තු සේවකයින් පෙන්වා දී තිබෙන්නේ තමන්ටද විශේෂඥ වෘත්තීන් වල නියැලෙන්නන්ට ලබාදී තිබෙන වසර 63 දී විශ්‍රාම යෑමේ වරප්‍රසාදය තමන්ටත් ලබා දෙන ලෙසය.

කතානායකවරයා සමග පාර්ලිමේන්තුවේ සේවක සංගම් මේ පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර එම ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කොට තීන්දුවක් ලබාදෙන බව කතානායකවරයා එම සේවක සංගම් වෙත දන්වා තිබේ.

Similar Posts