ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , මේ වනවිට එම දැන්වීම ඇමර්සන් (Amazon) ආයතනය සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් , නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීන බලධාරීන් හරහා සුදුසු පියවර ගන්නා බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.

Similar Posts