ශ්‍රී ලංකා,ඇමරිකා සහ ජපාන ආරක්ෂක සාගරික බලකා පුහුණුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.

මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන්  2021 ජුනි 30 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual)  සිදු කරන ලද අතර, එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙනුවෙන් සමාප්ති අවස්තාවේ අදහස් දැක්වූ ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් සජිත් ගමගේ විසින් මෙම සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය සිදු කිරීම සඳහා සහභාගී වූ පාර්ශවකරුවන්ට සහ නන් අයුරින් සහයෝගය ලබා දුන් සියළුම ආයතන සහ පාර්ශවයන් වෙත සිය කෘතඥතාවය පල කරන ලදී. තවද, මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසය මඟින් අනාගතයේදී මේ සඳහා සහභාගී වූ පාර්ෂවකරුවන් අතර ඉතා ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගෙනු ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා දෙකක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ නිරීක්‍ෂණ ගුවන්යානාවක්, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකාවක් සහ එම නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාවක්, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් මෙන්ම ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) නොකාවක් සහ එම නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාවක්ද සහභාගී විය.

මෙම නාවික අභ්‍යාසයේදී සිදු කරන ලද උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාස, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස, සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන්, යාත්‍රා වෙත ප්‍රවේශ වීම, පරීක්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම සහ සෙවීම් හා මුදවා ගැනීම් යන සෑම නාවික අභ්‍යාසයකදීම  ඒ සඳහා සහභාගී වූ පාර්ශවයන්ගේ  කුසලතා මුවහත් කර ගැනීමටත්, එකිනෙකාට ආවේණික වූ උපක්‍රම ඉගෙන ගැනීමටත්, සමුද්‍රීය පරිසරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබිණි.

ලොව නවීන තාක්‍ෂණික උපාංග සහ මෙවලම් භාවිතා කරනු ලබන ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය විසින් සංකීර්ණ ‍සාගරික මෙහෙයුම් අවස්ථාවන්හීදී නෞකාවන් අතර සන්නිවේදන කටයුතු සිදු කිරීම මෙන්ම, සාගරික මෙහෙයුම් සඳහා සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා සම්බන්ධීකරණය කරගන්නා ආකාරය සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කර ගැනීම උදෙසා මහත් පිටිවහලක් වනු ඇත.

මෙම සාගර කළාපය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම. මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අත්දැකීම් හා උපක්‍රම සහ එම ජාවාරම් මැඩපැවැත්වීම සඳහා උපයෝගී කර ගනු ලබන ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධය, ඉදිරියේදී මෙම සාගර කළාපයේ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා උපයෝගී කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට මෙන්ම ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම ඉන්දියානු සාගර කළාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මෙම නාවික අභ්‍යාසයට සහභාගී වූ හමුදාමය ‍නොවන පාර්ශවකරුවන් වන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය (United Nations Office of Drugs and Crime – UNODC) සහ පුළුල් ඉන්දියානු සාගර කළාපයේ අවධානම් මුහුදු මාර්ග පිළිබඳ   යුරෝපා  සංගමය   (EU Critical Maritime Route Wider Indian Ocean  – EU CRIMARIO)  වෙත ඉන්දියානු සාගර කළාපය සම්බන්ධ පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් ඒ අනුව කළාපයේ ආරක්‍ෂක කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් මෙමඟින් අවස්ථාව උදාවනු ඇත

තවද, මෙම නාවික අභ්‍යාසයේ මුහුදු අධියර නිමාවට පත් කරමින් නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ජායාරූප ගැනීමක් (PHOTOEX) සිදු කරන ලද අතර, අනතුරුව  ශ්‍රී ලංනානෞ ගජබාහු නෞකාවේ සිට මෙම නාවික අභ්‍යාසය අධීක්‍ෂණය කළ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජානක නිශ්ශංක වෙත අභ්‍යාසයට සහභාගී වූ නෞකා පෙළ මගින් ආචාරය පිරිනැමීම ද (Steam Past) සිදු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ සමාප්තිය සනිටුහන් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් සජිත් ගමගේ, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජානක නිශ්ශංක, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගීතා කාර්යාල ප්‍රධානී කොමාණ්ඩර් රොස් පීටර්ස් (Commander Ross Peters), ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක කෙරීන් ග්ලෙස්නර් මහත්මිය (Karin Gleisner), නාවික දියත් විධානයේ පුහුණු කණ්ඩායම ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම නාවික අභ්‍යාසයේ සමාප්තිය සනිටුහන් කරමින් පැමිණ සිටි පාර්ශවකරුවන් වෙත සමරු තිළිණ ප්‍රධානය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් සිදුකළ අතර, මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී වූ අනෙකුත් පාර්ශවකරුවන් වෙත ඉදිරියේදී සමරු තිළිණ ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….