බෙන්තර සංචාරක කලාපයට බාලගිරි

රටේ සංවර්ධන ව්‍යාපෘති කාලයෙන් කාලයට, පාලනයෙන් පාලනයට  වෙනස්වි මෙන් රටත්  ජනතාවත් ආපස්සට යන අවාසනාවන්ත ක්‍රමවේදය නිසා කළුතර දිස්ත්‍රික්කයේ  බෙන්තර ගග ආශ්‍රිත සංචාරක කලාපයට  බාලගිරි වැළදි ඇතැයි  ජනතාව චෝදනා කරති.

කළුතර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ  බෙන්තර සංචාරක පුරයත්  ඒකාබද්ධකරමින්  බෙන්තර ගග ආශ්‍රිත සංචාරක කලාපයක් ලෙස පහසුකම් දියුණු කිරිමට දශකයකට පෙර  සිදුකළ සැලසුම් , ඇස්තමේන්තු, වැඩ සටහන් සියල්ල මේ වනවිට බෙන්තර ගගේ  ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

2005  වර්ෂයේදි වළල්ලාවිට ප්‍රාදේශීය සභාව, බස්නාහිර පලාත් සභාව, සංචාරක අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධව ගලතර, පවුරේ කන්ද විහාරස්ථානය කේන්ද්‍ර කරගන  පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරිමට කටයුතු ආරම්භ කෙරිණි.

ඇස්තමේන්තු සැලසුම්, නිරික්ෂණ, සාකච්ඡා, සම්මන්ත්‍රණ සදහා රුපියල් ලක්ෂ ගණනක්  දිය කළද දේශපාලන පෙරළි සමග නිළධාරින්ද කිසිදු වගක් නැතිව එම වැඩසටහන් , ව්‍යාපෘති අතහැර දමති.බෙන්තර ගග ආශ්‍රිතව ඉත්තෑපාන ගලතර ප්‍රදේශයේ මීට දශකයකය, එකහමාරකට පෙර තිබුණු දෙස් විදෙස් සංචාරක කටයුතු මේ වන විට නැත්තටම නැතිවෙමින් තිබේ. නමුත් රුපියල් කෝටි ගණන් වැයකර මාර්ග, මං මාවත් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණුකර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාරිසරික සුන්දරත්වය හා ඵෙතිහාසික වැදගත්කම අතින් ඉතා ඉහළ පවුරු කන්ද රජ මහා විහාරයේ අවට  සාරිසරික සුන්දරත්වය දෙවැනි වන්නේ සීගිරියට පමණක් නිසා දේශිය මෙන්ම විදේශිය සංචාරකයින් ද විශාල ලෙස මෙම විහාරස්ථානය වෙත පැමිණියත් වර්තමානයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණිම විශාල ලෙස අඩුවි තිබේ මේ නිසාම ප්‍රදේශයේ පවත්වාගන ගිය සංචාරක හෝටල් දෙකක් වසා දමා සංචාරක කර්මාන්තයෙන් සමුගන්නට එම ව්‍යාපාරිකයින්ට සිදුව තිබේ.

බෙන්තර ගගේ අතු ගංගාවක් වන ගලතර ඇළ  දිගේ කිලෝමිටරයකදි හමුවන බෙන්තර ගගත්,  එතැන් සිට කිලෝමිටර හතකදි හමුවන අළුත්ගම, රන් සැතපුම සංචාරක පුරය විදෙස් සංචාරකයින් අතර ඉතාම ප්‍රචලිතය. ගලතර ඇළ දිගේ බෝට්ටු සංචාරය,  හොරවල් තොටුපලේ පාලම් පාරු ගමන දේශිය මෙන්ම විදෙස් සංචාරකයින්ගේ සිත් ගත්තේය.

බෙන්තර සිට බෝට්ටුවෙන් පැමිණ ගලතර හන්දියෙන්  කරත්තවලින් සිදු කළ  සංචාරය  නිසා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිසා විශාල පිරිසක් සෘජු හා වක්‍ර රැකියාලින් අදායම් උපයාගත් බව ප්‍රදේශයේ ජනතාව කියති.

ගලතර හන්දියේ ගලතර ඇළ ඛාදනය වෙමින් තිබෙන අතර එම ස්ථානයේ බෝට්ටු නතරකිරිම සදහා  ආරක්ෂිත ජැටියක් ඉදි කිරිම සදහා ඇස්තමේන්තු සකස්කර මුදල් වෙන් කළද  මෙතෙක් ඉදිවු ජැටියක් නැත. පවුරු කන්ද විහාරස්ථාන භුමියේ වළාකුළු බැම්මක් ඉදිකිරිම පමණක් එම ව්‍යාපෘතියෙන් සිදුවුයේ  වාහාරාධිපතිහිමියන්  දිගින් දිගටම ඉල්ලිම් කිරිම නිසා බලධාරින්ට එය මගහැර යාමට නොහැකි විය.

අනෙත් සියළු කටයුතු රටේ දේශපාලන බලය මාරුවන විට නිළධාරින්ද  ඇගබේරා ගැනිමට කටයුතු කළේය. නැවත අළුත් දේශපාලන බලයන් සමග නැවතත් අළුත් නිළධාරින් ගමේ සංවර්ධනයට පිඹුරුපත් සකසති.  පහුරුකන්ද – ගලතර බෙන්තර ගග සංචාරක ව්‍යාපෘතියට සිදුවුයේද එයමයැයි  සංචාරක කටයුතවල නියැලි ප්‍රදේශයේ ජනතාව කියති.

විශ්‍රාමික විදුහල්පති –  ප්‍රේමදාස අධිකාරම් මහතා.

ගලතර පහුරු කන්ද බෙන්ගර ගග සංචාරක ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට යෝජනාවු හොදම  සංවර්ධන ව්‍යාපෘතියක්. නමුත් අවාසනාවට දේශපාලන බලය මාරුවිමත් සමග එම ව්‍යාපෘතියත් නැත්තට නැතිව ගියා. පරේගම ඇළේ ගලතර පාලම අසල දැනටත් විශාල ඛාදනයක් සිදුව තියෙනවා. එම ස්ථානයේ බෝට්ටු  නතර කර තැබිමට සංචාරකයින්ට බෝට්ටුවලට ගොඩවිය හැකි ජැටියක් ඉදි කිරිමට යෝජනාවෙලා තිබුණා. නමුත් ඒක කෙරුනෙ නෑ. දැන් ඉවුර කැඩිල පාරත් පාලමත් අනතුරුදායක, අවදානමකට පත්වෙලා තියෙනවා.

බෝට්ටු මගින් විදේශිකයින් ගලතරට  ආව. එතැන් සිට කරත්තවල්න් ගමන් කලා. මේ ප්‍රදේශයේ විදේශිය සංචාරකයින් සදහා හෝටල් දෙකක් ආරම්භ කර තිබුනා. විශාල  තරුණ පිරිසකට රැකියා ලැබුණා. ප්‍රදේශයට ආවේනික  ආහාර ද්‍රව්‍ය, පන් නිෂ්පාදන, වෙස් මුහුණු ආදිය සදහා වෙළදපලක්  තිබුණා. ගලතර සිට අළුත්ගමට තියෙන්නෙ කිලෝමිටර අටයි.

ගග දිගේ බෝට්ටු සේවයක් ඇති කරල බෙන්තර ඉදල සංචාරකයින් ගෙන්වා ගන්න පුළුවන්. පහුරුකන්ද විහාරස්ථානය දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර පාරිසරික වටපිටාවක් සහිත පුද බිමක්. මෙතනට  බොහෝ සේ සංචාරකයින් පැමිණියා. ඊට අමතර යගිරල රක්ෂිතය. වැළිගල්පොත්ත සෙනසුන , පාලම්පාරු ගමන මේ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු කලහැකියි.

පහුරුකන්ද රජමහ විහාරාධිපති – මාවිට සෝමාලෝක හිමි.

එදා යෝජනා කර, සැලසුම් කළ සංචාරක කර්මාන්ත වැඩසටහන ක්‍රියාත්මක කලා නම් මේ ප්‍රදේශයේ  මේ වනවිට විශාල දියුණුවක් සිදුවෙලා. නමුත් ඒක කෙරුණෙනෑ.විහාරස්ථානයේ වළාකුළු බැම්ම ඉදි කිරිම විතරයි සිදුවුණේ. අඩුම තරමින් විහාරස්ථානයට අයිති භූමිය හෝ නිරවුල් කරගන්න බැරිවුණා.

දේශිය මෙන්ම විදේශිය සංචාරක පිරිස් මේ විහාරස්ථානය වැද පුදා ගන්න ආවා. නමුත් දැන් සංචාරක පිරිස් ඉතා අඩුයි. මේ ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන අය පවා හිටියා. ගලතර ඇළ හරහා බෙන්තර -අළුත්ගමට ඉතා ළගයි .දකුණුපළාතේ සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයට ව්‍යාප්ත කිරිමේ වැඩ පිළිවලක් ක්‍රියාත්සක කළ යුතුයි.

ගලතර – මංජුල කන්නංගර මහතා.

මේ ප්‍රදේශයේ  සංචාරක ව්‍යාපාරය  දියුණු කිරිම වෙනුවට  තිබුණු  එකත් නැතුව ගිහිල්ලා. ඉස්සර මම  බතික්  නිර්මාණ සිදුකර සංචාරකයින්ට අලෙවි කළා.

පන් අශ්‍රිත නිෂ්පාදන වලට වෙළදපලක් තිබුණා.දේශිය මෙන්ම  විදේශිය සංචාරකයින් ආව.  මේ ප්‍රදේශයේ වෙස්මුහුණු කර්මාන්තය තිබුණා නමුත් අද ඒවා නැතිව ගිහිල්ලා. සංචාරක කර්මාන්තය දියුණු කිරිමෙන් මේ ප්‍රදේශයේ ජනතාවට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ඇතිවෙනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….