කොරෝනාවෙන් බැට කන පාසල් දරුවෙක් විවේකය ඵලදායි ලෙස යොදා ගනියි

දරුවන්ට පාසල් නිවාඩුව ලැබෙන්නේ  ගතට සිතට නිවාඩුවක් , නිදහසක්  නැතිනම් මානසික ඒකාග්‍රතාවයෙන් මිදීමටය. නමුත් කොවිඩ් වසංගතය ලෝකයේම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය  අඩාල කර  ලැබුණු නිවාඩුව දරුවන්  හා දෙමාපියන්  ශාරිරික හා මානසික රෝගින් , අසහනකරුවන් බවට පත්කරමින් තිබේ.

කොරෝනා වසංගතයෙන් මෙරට පාසල් අධ්‍යාපනය බිද වැටිමත් සමග  දරුවන්  අති බහුතරයක් දෙනා ජංගම දුරකථනය, අන්තර්ජාලය, හා රූපවාහිණියේ වහළුනු වෙමින්  කායික හා මානසික රෝගින් බවට පත්විම අවාසනාවන්ත තත්වයකි.අන්තර්ජාල අධ්‍යාපනය පිළිබද පෙර පුහුණුවක් නොලද අපේ දරු පරපුර  එයට බිළිබිම  අවාසනාවන්ත තත්වයකි.

නමුත් නිවාඩුව විවේකයෙන් විනෝදයෙන් ගත කරන , ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා දරුවන් පිළිබද ඉදහිට හෝ අසන්නය, දකින්නට ලැබේ. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ  අ.පො.ස. උසසේ පෙළ තාක්ෂණ අංශයේ ඉගනුම ලැබු  තනූෂ රයන් වාහල තන්ත්‍රි  විවේකය විනෝදයෙන්  ඵලදායි ලෙස යොදා ගත් ආදර්ශමත් සිසුවෙකි.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලෙන්  තාක්ෂණ අංශයෙන්  උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට සුදුකම් ලබා සිටින රයන්  පෙර පාසල් අවදියේ පටන්ම , එසේත් නැතිනම් ඔහුට මතක ඇති කාලයේ පටන් වාහන ආකෘති නිර්මාණය කරන්නට හපනෙකි.  මේ ආශාව දවසින් දවස  වැඩිවිම නිසා මේ වන විට ලංකාවේ  බස් ආකෘති නිරිමාණකරුවන් අතර  වැඩිම බස් ආකෘති ප්‍රමාණයක් නිපදවු  ලාබාලම  නිර්මාණ කරුවා බවට පත්ව සිටියි.

මතුගම, දොඩන්ගොඩ පදිංචි රයන්ගේ මව  චිත්‍ර ගුරුවරියකි. ඒ නිසා රයන්ගේ  නව නිර්මාණ හා කලා හැකියාව සහජයෙන් හිමිව තිබේ. කළුතර ප්‍රදේශයේ විදුහලකට ප්‍රථමයෙන් ගිය රයන් උසස්පෙළට මතුගම ආනන්දය තෝරාගන  සිය නිවසේ සිට දිනපතා ලංගම බසයෙන් පාසල් යාම පුරුද්දක් කරගන තිබිණි. පෙර පාසල, හා ප්‍රාථමික පන්තිවලදිත් රයන්ට ලැබෙන විවේකයෙන් රයන් වාහන ආකෘති නිර්මාණය කලේය.

ලැබෙන හැම නිදහසකදිම කඩදාසි, කාඩ්බෝඩ් කෑලි රයන් මිතුරන් කරගනිමින් වාහන ආකෘති නිර්මාණය කලේය. 2017 වර්ෂයේ අ.පො. අසස්පෙළ විභාගයට පෙනි සිටින විට  ලංකා ගමනා ගමන මණ්ඩලයට එතෙක් මෙතෙක් ගෙන්වා ඇති සියළුම බස්වල ආකෘති රයන් අතින් නිමවි හමාරය. පාසල නිමවු සැනින්  මතුගම නගරයේ බස් රථ පෝලිමට දුවන රයන් බස් ආකෘති හිතේ ඇද ගනියි.

පසු කාලිනව බස්රථවල ඡායා රූප ලබාගන ඒ අනුව ආකෘති නිර්මාණයට රයන් පෙළඹිය.බස් අතරිනුත් ලංගම බස් වෙතම සිත් ඇදි ගිය රයන් නිර්මාණය කරන්නේද ලංගම බස් රථ පමණි.කොවිඩ් වසංගතයේ   නිවාඩුව බෙහෝ දරුවන්ට විවිධ අසහනකාරි  තත්වයන් දක්වා වර්ධනය වුවත්  කොවිඩ් පළමු  නිවාඩුවේදි රයන් දුම්රිය තුනක සජිවි ආකෘති නිර්මාණය කර  කඩගන්නාව දුම්රිය ස්ථානයේ ආකෘතිය සකසා එක වර දුම්රිය තුනක් ධාවනයටද සමත්විය.

තනූෂ රයන් වාහල තන්ත්‍රි .

මම වාහන ආකෘති හදන්න පටන්ගෙන තියෙන්නෙ පුංචි කාලෙ ඉදලමයි. ඒ කාලෙ කාඩ්බෝඩ් වලින්  හදපු ඒවා පසුකාලයේ විනාශවෙලා ගියා . ඊට පස්සෙ මම තහඩු වලින් බස් ආකෘති හදන්න පටන් ගත්තා. ඒක ටිකක් අමාරුයි. වියදමත් වැඩියි. නමුත් සබෑ බස් එකක තියෙන සියළුම අංග මම හදල තියෙනවා.මේ අකෘති 1  –  87 පරිමානයට කුඩා කර හදල තියෙනවා.

දැනට ලංකාවට ගෙනත් තියෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ සෑම වර්ගයකම වගේ බස් රථ ආකෘති මම හදල තියෙනවා. මතුගම ඩිපෝවෙ තියෙන සෑම බස් රථයකම ආකෘති හදල තියෙනවා. මේ දවස් වල කොරෝනා නිවාඩුවෙ මම අළුත්ම බස් රථයක ආකෘතිය හදනවා.

ඕනම  වාහනයක ආකෘතියක් හදන්න පුළුවණි. නමුත් මම ආස කරන්නෙ ලංගම බස් ආකෘති හදන්නයි.පාසලේ නිවාඩු කාලෙදි තමයි ඉස්සර මේ වැඩේ කළේ. නමුත් නොවිඩ් වසංගත නිවාඩුව මම මේ කටයුතු්තට යොදා ගත්තා.

දැන් මට නිවාඩුවක් නෑ.මේක  කරන්නෙ විනෝදාංශයක් හැටියටයි.මුලදි කාඩ්බෝඩ් වලින් හදපු ඒවා විනාශවෙලා ගියා.  යුධ හමුදාවෙන් කරන ප්‍රදර්ශනයකට මේවා ඉදිරිපත් කරන්න අවස්ථාව උදාවුණා. නමුත් කොවිඩ් නිසා ඒකත් අහිමිවුණා.ඒවුනත් මම මගේ වැඩේ කරගන යනවා.

බස් ආකෘති ධාවනය කරන්න බෑ. නමුත් දුම්ර්ය තුනම  වෝල්ට් 12 ක විදුලියෙන් ධාවනය කරන්න පුළුවණි.මේ දුම්රිය ආකෘති සියල්ලත් දැනට ලංකාවෙ ධාවනය වන ඒවායේ ආකෘතියි. විදේශිය දුම්රිය දැකල තිබුණක් මම කැමති ලංකාවෙ දුම්රිය වලට නිසා ඒවා හැදුවා.

බස් ආකෘතියක් හදන්න මාස එකහමාරක් දෙකක් යනවා. පසුගිය කොරෝනා නිවාඩුවට  දුම්රිය තුනක්  රේල් පාරවල් හදල ධාවනය කලා.කුඩා කාලයේ ඉදල  තිබුණ ආසාව පාසලේ තාක්ෂණ විෂයධාරාවෙන් තවත් වර්ධනය වුණා.

පාසලේ ගුරුවරුන්ගෙනුත් මේකට උදව් ලැබුණා.මම මේක කරන්නෙ විනෝදාංශයක් හැටියටයි. අන්තර්ජාලය, පරිගණකය බළල අළුත් අළුත් බස් ආකෘති හදන්න කටයුතු කරනවා. දැනට විශ්ව විද්‍යාලයට ලියාපදිංචි වෙලා හිටියත් මේ දවස්වල කොරෝනා නිසා මම තව බස් එකක වැඩ කරගන යනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….