සිලෝන් ටී නාමය විනාශ වෙවිද?

තේ වගාව රසායනික පෝර වලින් කාබනික පොහොර වලට මාරු වෙන්නට පෙර අපේ රටේ “සිලෝන් ටී ” නාමය  විනාශවි ලොව වෙනත් රවල් ජාත්‍යනතර තේ වෙළදපළ ආක්‍රමණය කරනවා,,”  යැයි  කළුතර දිස්ත්‍රක්කයේ  කුඩා තේ ඉඩම් හිමියෝ කියති.

තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර නැති නිසා  කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ 48.000 ක් පමණ  දෙනා මෙි වනවිට දැඩි අපහසුතාවයට පත්ව සිටින බව දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හමියෝ කියති.

මේ අතර අවශ්‍ය ප්‍රමාණයට පොහොර නොයෙදිම නිසා  ලැබෙන  තේ දලු ප්‍රමාණය සියයට හතලිහකින් (40%) පමණ අඩුවි තම ආදායම පහළ ගොස්, ණය වාරික ගෙවා ගැනීමට අපහසු වි ඇතැයි ද ගොවින් කියති. තේ දලු කහ පැහැ ගැන්වී,  බරින් අඩු  තත්වයට පත්වීමෙන් දලු වල ප්‍රමිතිය පහළ යාම නිසා  රුපියල් සීයයත්  එකසිිය දහය ත් අතර ගණනකින් මිල  පහල වැටී තිබෙි.   පසු ගිය ජුනි   මස අවසන් සතියේ  දලු කිලෝවක් රුපියල් 90 දක්වා පහල වැටීමෙන් “ගහෙනේ වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ”, දෙයක් වුණා, යැයි තේ ගොවින් කියති.

කුලියට තේ දලු නෙලීම රැකියාව කර ගත් දහස් ගණනක ගේ මාසික ආදායම  සියයට (40%) හතලිහකින් පහල ගොස් තුන්වේල දරුවන්ට කන්න දෙන්න බැරි  තත්වයක් ඇතැයි ” කුලියට තේ දලු නෙළන ජනතාව කියති.

පාලින්ද නුවර   ගලහිටියේ  එස්.වි. මහේෂ් පත්ම කුමාර මහතා.

තේ අක්කර දහය –  පහලවක් වගා කර තියෙනවා. ඊට අමතර තේ ඉඩම් කිපයක් බද්දටත් අරගන තියෙනවා. පසු ගිය මාසෙ දලු කිලෝ 3000 ක් කඩපු  ඉඩමෙන් මෙි මසෙ කැඩුවෙ දලු කි,ලෝ  1460 යි දලු කහ වෙලා බර අඩුයි.කඩන්න බෑ  නැටි  හයියයි, පැළ මැරිල යනව. ගිය මාසෙට වඩා මෙි මාසෙ රුපියල් 15 ක් සහ 20 ක් දලු මිලත් අඩුවෙලා. දල්⁣ලේ කොලිටියත් නෑ. මෙහෙම ගියොත් මෙි  දලු ඉඩම් නඩත්තු කරගන්න බැරිවෙනවා. වල් නාශක නැතිව  අතින් නෙළන්න  ගියොත් අතිනුත් පාඩුයි. තව මාසයක් ඇතුලත පෝර නොලැබුනොත් මෙි තේ වගාව ඉවරයි. දලු කිලෝ ගාන අනුව  කිලෝ එකට ග්‍රෑම්  410 ගානෙ දෙනව කියනව. ඒක හරියන වැඩක් නෙමෙයි.

ගලහිටියේ ප්‍රියන්ති කුමාරි මහත්මිය.

වෙනද අපි දවසට දලු කිලෝ 50 – 55 කැඩුවා. කිලෝ එකකට රුපියල් 30ක් ගෙවනවා. නමුත් පෝර නැතිවිමෙන් පස්සෙ දලු කඩන්න බෑ. හයියයි.  ඇගිලි පැළිල,. මෙි බලන්න  ඇඟිළිවලට ටෙිප් ගහලයි දලු කඩන්නෙ. දැන් අපට දවසකට රුපියල් දෙතුන් සියකවත් දලු කඩන්න  බැහැ. මෙි නිසා අ⁣පේ දරුවන්ට කන්න, බොන්න දෙන්න ක්‍රමයක් නැතිව යනවා.

බුලත්සිංහල  එම්.ආර්.ප්‍රේමරත්න මහතා.

මම ප්‍රදේශයේ මාධ්‍ය කටයුතු වගේම තේ වගාවත් කරනවා. රජය මාධ්‍ය මගින් කියන කිසිම සහනයක් තේ වගාවට නැහැ. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්  කිවුවා කුඩාතේ ඉඩම් හිමියන්ට සියයට 4.37 පොලියට ලක්ෂ දහයක ණයක් වසර දෙකක සහන  ගෙවිමෙි  කාලයක් සහිතව දෙනව කියල. නමුත් ඒක ගන්න ගියාම බැංකුව ඒ කියන ණයක්, පහසුකමක් නෑ කියනවා. අන්තිමේ මට රුපියල් ලකෂ තුනක් සියයට හතෙ පොලියට බැංකුවෙන  අනුමත කලා . ලක්ෂ තුනක් අනුමත කරල ලක්ෂ එකහමාරක් දුන්නා.  ලක්ෂ තුනක පොලිය සමග ලක්ෂ තුනක වාරික කපනවා. මෙික පුදුම අසාධාරණයක් . බැංකුවෙ තියෙන මුදල් වලටත් පොලිය සහ වාරික අය කරනවා.

කාබනික පෝර මිටියක් කියල තියෙන්නෙ කිලෝ 40 යි. එ්කත් ගෑස් සිළින්ඩරේ වගෙයි. අනෙත් හැම පෝර මිටියක්ම කිලෝ 50 ක් තියෙනවා.. කාබනික පෝර කිලෝ 40 යි. ඒකත් රුපියල් 850 00 ,ක් වෙකවා. අපේම ආණ්ඩුව අපටම ගහනවා.

අනෙක දැනටම දලු පුමාණය අඩුයි. බර අඩුයි.මිළ අඩුයි.වල් නාශක වලට විකල්ප නෑ. මිනිස් ශ්‍රමයෙන් නෙළල අතිනුත් පාඩුයි. රසායනික පෝරවලට හදල තියෙන මෙි බෝග වලට කාබනික පෝර ගැලපෙන්නෙ නෑ. මෙික හොද වැඩක් වුණත් හරි ක්‍රමයට කරන්න පටන් ගත්තෙ නෑ.

පාලින්ද නුවර  ලසන්ත ලංකා මහතා

තේ වග කරන්න බැංකුවකින්   ණය ගත්තා. දැං තේ ආදයම දෙකෙන් පංගුවට අඩුයි. කන්න බොන්න, ජිවත් වෙන්න ඕන එ් නිසා තේ දලු ආදායම බැංකුවට නොදා කර්මාන්  ශාලාවෙන් මුදල්  අතට ගන්නවා.දරුවන්ට කන්න, බොන්න, අරගන දිල ඉතුරු උනොත් බැංකු ණය ගෙවනවා.වෙන කරන්න දෙයක් නෑ.

දිසත්‍රික්කයේ තේ පරීකෂක නිළධාරි මහත්මයෙකු කිවෙි  දැනට වසර හතර පහකට   වඩා පැරණි තේ වගාවට කාබනික පෝර  යොදල  ප්‍රමාණවත් අස්වැනනක් ගන්න බෑ. අළුත් වගාවකට වුණත් දිගු කාලයක් යනවා. කාබනික වගාව කියන්නෙ පස සාරවත් කිරිමයි. වශේෂයෙන්ම කඳුකර භූමි වල  දැඩි සොදාපාළුව සමග කාබනික පොහොර වලින් අස්වැන්න ලබා ගැනීම ප්‍රායොගිකව ටිකක් අමාරු බව ගොවින් කියන කතාව ඇත්ත.

දැනට තේ කර්මාන්ත ශාලා හරහා ගෙන්වන පොහොර පුමාණය  දලු කිලෝ ගණන අනුව බෙදල දෙන්න සැලසුමි කරල තියෙනවා. නමුත් තේ වගා කර තියෙන කදු සහිත භූමි වල මෙි  නිර්දේශිත පුමාණ  මගින් අපේක්ෂිත අසවැන්නක් ගන්න බැහැ කියල ගොවින්ගෙ චෝදනාවෙත්   ඇත්තක් ති මහත්මියයෙනවා.

එස්. පොද්දෙණිය –  මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….