අක්ෂි සායනයට යන රෝගින් කබලෙන් ලිපට

akshi

දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ.

වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට ශල්‍යකර්ම සදහා වසර ගණන් පොරොත්තු ලේඛණයේ සිටීමට පවා සිදුවි ඇති බව ඔවුන් කීහ.

පසුගිය කාලය පුරා අක්ෂි කාච පළදා ගැනීමේ කටයුතු සදහා ගිය තමන්ට කාච මිම්ම ලබා ගැනීමට අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ අක්ෂි ආයතනයට යෑමට සිදුව ඇති බව ඔවුන් පැවසුහ.

අනුරාධපුර ශික්ෂණ රෝහල පැමිණ අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය මිම්ම සකසා ගැනීමට රුපියල් පන්සියයක මුදලක් වැය කිරීමට සිදුවීම අසාධාරණයක් බව රෝගින් පැවසු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් මෙසේ පැවසූහ.අනුරාධපුර ශික්ෂණ රෝහලට එන අපි ආර්ථික වශයෙන් ප්‍රශ්න තියන රෝගීන්.ඒ ඇවිල්ලා පරික්ෂණ කරලා තවත් වසර ගානක් බලාගෙන ඉන්න කොට රෝගීව ඇති ඇස පේන්නෙම නෑ.

රුපියල් දාස් ගණන් දීලා මාසේ පුරා විවිධ බෙහෙත් ඇහැට දාන්න ඕන.සල්ලි තියෙන කිසිම කෙනෙක් ඔය සායන වලට එන්නේ නෑ.පෞද්ගලිකව මුදල් ගෙවලා ශල්‍යකර්මය කර ගන්නවා.

අපි වෙනුවෙන් සුළු වෙලාවක් වැය කරන දෙවිවරු කියන වෛද්‍යවරු හවස හතරේ ඉදන් පහුවදා අළුයම වෙනකම් පෞද්ගලික රෝහල් වල ශල්‍යකර්ම සිදුකරනවා.අස් නොපෙනෙන වේදනාව දන්නේ ඇස් නොපෙනෙන මිනිස්සු විතරයි.

කාචය දාගන්න කියලා ඒකේ මිම්ම හදාගන්න පෞද්ගලික රෝහලකට යන්න ඕන.ඒ සදහා රුපියල් 500ක් ගන්නවා.මෙතන ඉදන් ඒ තැනට අපිට යන්න බස් එකක් නෑ.ත්‍රී රෝද රථයකින් අපි එතනට යන්න ඕන තවත් රුපියල් 200ක් වියදම් කරලා.නැත්නම් ඇස් නොපෙනෙන අපි කිලෝමීටර් තුනක් හතරක් එතනට පයින් යන්න ඕන.

සමහර රෝගින් එන්නේ බස් එකට විතරක් සල්ලි අරගෙන.එහෙම අය ආපහු දවසක අදාල රෝහලට එන්න ඕන මිම්ම ගන්න.මෙච්චර ලොකු රෝහලක් වෙච්ච අනුරාධපුර රෝහලේ මේ පහසුකම නැති වීම කණගාටුවට කරුණක් යනුවෙන් රෝගින් පැවසූහ.

මෙම කාර්යට අදාලව දීෂ්ටිමිතිය මැනීම (optometrist)සදහා පහසුකම් ලංකාවේ තෙවන විශාල තම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකයේ ඇති බව අනාවරණය විය.කිසියම් නිලධාරියෙකු අයුතු මුදල් ඉපැයිමේ ක්‍රමයක් අනුගමනය කරමින් දෘෂ්ටිමිතිය මැනීම සදහා පෞද්ගලික අක්ෂි ආයතනයකට රෝගින් යොමු කරනා බව අනාවරණය විය.

දෘෂ්ටිමිතිය මැණිම සදහා අදාල පෞද්ගලික ආයතනයට යන ලෙස සදහන් කරන ලියවිල්ලක් ඔහු විසින් පෞද්ගලික ආයතනයට යොමුකරනා බවද අනාවරණයවූ අතර රෝගියෙකු ලෙස අදාල රෝහලට දුරකථනයෙන් කථා කළ මව්බිම පුවත්පතට රුපියල් 500ක මුදලක් සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් නිකුත් කළ තුන්ඩුව සමග එහි එන ලෙස පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.රෝගින් ඒක පැමිණිලි කරන්න ඕන ඔයාට (මව්බිම)නෙමෙයි අපිටයි.එම ඒකකයේ සියළුම පහසුකම් තියනවා.විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් තවත් වෛද්‍යවරියක ඉන්නවා.

ඔය තාක්ෂනික ක්‍රියාවට නිලධාරින් එහි ඉන්නවා.පුද්ගලික තැන් වලින් ඒක කරන්න කියලා නෑ.සෞඛ්‍ය අමාත්‍යංශය සියළුම පහසුකම් රෝහලට දීලා තියනවා.ඔය කියන ආකාරයට පෞද්ගලික ආයතන නම් කරනවා නම් ඒකකයේ වෛද්‍යවරයාට පැමිණිලි කරන්න යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….