websitebanned

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත  නියෝග කළාය.

අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම කොමිසමට නියම කළාය.

අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළාය.

අනර්ථකාරී වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය .

Similar Posts