වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ හෙවෙස්ස, මණ්ඩාගල 803 බී ග්‍රාමසේවා වසමේ හෙවෙස්ස ඇළ හරහා පාලමක් ඉදිකිරිම දේශපාලන කඹ ඇදිල්ලක් නිසා නතරවිමෙන් මහවිට මද්දෙකන්දගොඩ ගමාවාසීන්ගේ ජීවිත ගගට බිළිවීමේ අවාසනාවන්ත තත්වයක් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති.

මහවිට – මද්දෙකන්දගොඩ ගම්මාන වෙන්කරන හෙවෙස්සඇළ හරහා පාලමක් තනාදෙන්නැයි වසර ගණනාවක සිට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියත් සියලු පොරොන්දු ගගේ යාමෙන් ප්‍රදේශවාසින් කිතුල් පටි දමා අනාරක්ෂිත පාලමක් හදාගන ඒ මතින් ගමන් කරති.

යාන්තමට යතුරු පැදියක් ගමන් කල හැකි මේ කතුල් පටි පාලම මේ වන විට ජිවිත දෙකක් හෙවෙස්ස ඇළට බිළි දී හමාරය. සෑම ගංවතුරකදිම පාලම ගගේ පා වීයාමෙන් පසු යළි ගමේ මිනිසුන් තාවකාලික පාලමක් තනා ගනිති.

සතියකට තේ දලු කිලෝ දහ – පහලොස් දහසක් , රබර්, කුරුදු, කිතුල් පැණි හකුරු ආදිය බදුරලියට, පැලවත්තට, මතුගමට ගෙනයන්නට මේ අනතුරුදායක මරු කටෙන් එගොඩ වියයුතුය.

සෑම මැතිවරණයකදිම දේශපාලඥයින් පාලම් සිහින පෙන්වමින් ගමේ ජනතාවගේ ඡන්ද ටිකෙන් ඔවුන් පාර්ලිමේන්තුවට, පලාත් සභාවට, ප්‍රාදේශිය සභාවට එගොඩ වෙති. මේ බොරුවේත් කාලය ඉකුත්වීම නිසා පසුගිය මහ මැතිවරණයේදි කිසිම දේශපාලනඥයෙක් ඡන්දය ඉල්ලා ගමට පැමිණ නැත.

මහවිට කේ.බී. ලියනගේ මහත්මිය.
මේ පාලම හදල දෙන්න කියල පරම්පරා ගානක ඉදල ඉල්ලනව. නමුත් තාම කිතුල් පටි විතරයි. ලෙඩක් දුකක් හැදුනම ලෙඩා මග මැරෙනව.

අඩුම තරමෙ ත්‍රීරෝද රථයක් වත් යන්න බැහැ . තේ දලු කරේ ගේන්න වෙලා තියෙනවා. දරුවො පාසලකට යන්න හැතැප්මගානක් පයින් යන්න ඕනා. පසුගිය කාලයේ මේ පාලම හදන්න මුදල් පාස් වෙලා කියල ඇවිල්ල මැනල කොන්ත්‍රාත් කරුවනුත් ආව. නමුත් මොකක්දෝ අපලයකට ඒක කල් ගියා.

ඩබ්ලිව්. කේ. දයානන්ද මහතා.
රටේ මොන තරම් පාලම් ඉදි වුනත්, පාලම් බෝක්කු හැදුනත් පැලවත්ත මණ්ඩගල මහවිට පාලම හැදුනෙනෑ. මේක බස්නාහිර දකුණ යා කරන පාලමක් මෙතනින් යට්ටපාත, නෙළුව,පැලවත්තට ඉතා ළගයි. පරම්පරා ගානක ඉදල මේ පාලම හදල දෙන්න කියල ඉල්ලනව නමුත් තවමත් ඒක කෙරුනෙ නෑ.

පසුගිය කාලෙ මේකට රුපියල් කෝටි තුනහමාරක් මුදලක් අනුමත වෙලා කියල කොන්ත්‍රාත් කරුවනුත් ඇවිත් මැනල ගියා. දේශපාලඥයින්ගේ කඹ ඇදිමෙන් අපේ ජීවිත ගගට බිළිවෙනවා.

පසුගිය දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව තිබුණා . නමුත් කොරෝනා වසංගතය නිසා ඒක නතරවෙලා ගියා.

එම්. කේ.ඩි. ජයතිස්ස මහතා.
පාලමෙන් එගොඩ වෙන්න ගිය යතුරු පැදි දෙකක් ගගට වැටිල තියෙනවා. පාලමෙන් වැටිල දෙන්නෙක් මැරිල තියෙනවා. පුංචිළමයි යනව. වයසක අය යනවා. ඇදිරි වැටුනම පේන්නෙනෑ. මෙතනින් යනව – එනව කියන්නෙ මරු කටෙන් එගොඩ වෙනව වගෙයි.

ඉදුරු පිටිය පාසලට ගුරුවරුන්ට යන්න එන්න බැරි නිසාම පාසල වැහිල ගියා . දැන් දරුවන් අරගන අම්මල තාත්තල සැතපුම් දහය-දොලහ ඈත ප්‍රදේශවල පාසල් හොයාගන යන්න ඕනා.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට, පලාත් සභාවෙ හිටපු මැති ඇමතිලාට මේ ගැන මොනතරම් කිව්වත් වැඩක් වුනේ නැහැ. කුමර වෙල්ගම මන්ත්‍රිතුමා ප්‍රවාහන ඇමති කාලෙ මේ රේල් පීළිදෙක ලබා දුන්නා.

පසුගිය කාලෙ කිර්ති කාරියවසම් හිටපු පලාත්සභා මන්ත්‍රිතුමා මැදිහත්වෙලා පාලමක් ඉදිකිරිමට මුදල් අනුමත වුනත් ඒක දේශපාලනේ නිසා ගගේ ගියා

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts