දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ හෙවෙස්ස, මණ්ඩාගල 803 බී ග්‍රාමසේවා වසමේ හෙවෙස්ස ඇළ හරහා පාලමක් ඉදිකිරිම දේශපාලන කඹ ඇදිල්ලක් නිසා නතරවිමෙන් මහවිට මද්දෙකන්දගොඩ ගමාවාසීන්ගේ ජීවිත ගගට බිළිවීමේ අවාසනාවන්ත තත්වයක් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති.

මහවිට – මද්දෙකන්දගොඩ ගම්මාන වෙන්කරන හෙවෙස්සඇළ හරහා පාලමක් තනාදෙන්නැයි වසර ගණනාවක සිට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියත් සියලු පොරොන්දු ගගේ යාමෙන් ප්‍රදේශවාසින් කිතුල් පටි දමා අනාරක්ෂිත පාලමක් හදාගන ඒ මතින් ගමන් කරති.

යාන්තමට යතුරු පැදියක් ගමන් කල හැකි මේ කතුල් පටි පාලම මේ වන විට ජිවිත දෙකක් හෙවෙස්ස ඇළට බිළි දී හමාරය. සෑම ගංවතුරකදිම පාලම ගගේ පා වීයාමෙන් පසු යළි ගමේ මිනිසුන් තාවකාලික පාලමක් තනා ගනිති.

සතියකට තේ දලු කිලෝ දහ – පහලොස් දහසක් , රබර්, කුරුදු, කිතුල් පැණි හකුරු ආදිය බදුරලියට, පැලවත්තට, මතුගමට ගෙනයන්නට මේ අනතුරුදායක මරු කටෙන් එගොඩ වියයුතුය.

සෑම මැතිවරණයකදිම දේශපාලඥයින් පාලම් සිහින පෙන්වමින් ගමේ ජනතාවගේ ඡන්ද ටිකෙන් ඔවුන් පාර්ලිමේන්තුවට, පලාත් සභාවට, ප්‍රාදේශිය සභාවට එගොඩ වෙති. මේ බොරුවේත් කාලය ඉකුත්වීම නිසා පසුගිය මහ මැතිවරණයේදි කිසිම දේශපාලනඥයෙක් ඡන්දය ඉල්ලා ගමට පැමිණ නැත.

මහවිට කේ.බී. ලියනගේ මහත්මිය.
මේ පාලම හදල දෙන්න කියල පරම්පරා ගානක ඉදල ඉල්ලනව. නමුත් තාම කිතුල් පටි විතරයි. ලෙඩක් දුකක් හැදුනම ලෙඩා මග මැරෙනව.

අඩුම තරමෙ ත්‍රීරෝද රථයක් වත් යන්න බැහැ . තේ දලු කරේ ගේන්න වෙලා තියෙනවා. දරුවො පාසලකට යන්න හැතැප්මගානක් පයින් යන්න ඕනා. පසුගිය කාලයේ මේ පාලම හදන්න මුදල් පාස් වෙලා කියල ඇවිල්ල මැනල කොන්ත්‍රාත් කරුවනුත් ආව. නමුත් මොකක්දෝ අපලයකට ඒක කල් ගියා.

ඩබ්ලිව්. කේ. දයානන්ද මහතා.
රටේ මොන තරම් පාලම් ඉදි වුනත්, පාලම් බෝක්කු හැදුනත් පැලවත්ත මණ්ඩගල මහවිට පාලම හැදුනෙනෑ. මේක බස්නාහිර දකුණ යා කරන පාලමක් මෙතනින් යට්ටපාත, නෙළුව,පැලවත්තට ඉතා ළගයි. පරම්පරා ගානක ඉදල මේ පාලම හදල දෙන්න කියල ඉල්ලනව නමුත් තවමත් ඒක කෙරුනෙ නෑ.

පසුගිය කාලෙ මේකට රුපියල් කෝටි තුනහමාරක් මුදලක් අනුමත වෙලා කියල කොන්ත්‍රාත් කරුවනුත් ඇවිත් මැනල ගියා. දේශපාලඥයින්ගේ කඹ ඇදිමෙන් අපේ ජීවිත ගගට බිළිවෙනවා.

පසුගිය දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව තිබුණා . නමුත් කොරෝනා වසංගතය නිසා ඒක නතරවෙලා ගියා.

එම්. කේ.ඩි. ජයතිස්ස මහතා.
පාලමෙන් එගොඩ වෙන්න ගිය යතුරු පැදි දෙකක් ගගට වැටිල තියෙනවා. පාලමෙන් වැටිල දෙන්නෙක් මැරිල තියෙනවා. පුංචිළමයි යනව. වයසක අය යනවා. ඇදිරි වැටුනම පේන්නෙනෑ. මෙතනින් යනව – එනව කියන්නෙ මරු කටෙන් එගොඩ වෙනව වගෙයි.

ඉදුරු පිටිය පාසලට ගුරුවරුන්ට යන්න එන්න බැරි නිසාම පාසල වැහිල ගියා . දැන් දරුවන් අරගන අම්මල තාත්තල සැතපුම් දහය-දොලහ ඈත ප්‍රදේශවල පාසල් හොයාගන යන්න ඕනා.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට, පලාත් සභාවෙ හිටපු මැති ඇමතිලාට මේ ගැන මොනතරම් කිව්වත් වැඩක් වුනේ නැහැ. කුමර වෙල්ගම මන්ත්‍රිතුමා ප්‍රවාහන ඇමති කාලෙ මේ රේල් පීළිදෙක ලබා දුන්නා.

පසුගිය කාලෙ කිර්ති කාරියවසම් හිටපු පලාත්සභා මන්ත්‍රිතුමා මැදිහත්වෙලා පාලමක් ඉදිකිරිමට මුදල් අනුමත වුනත් ඒක දේශපාලනේ නිසා ගගේ ගියා

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….