හිසට සෙවණක් නැතිව ගම්පහ වීදියේ සිටි සිව් දින බිළින්ඳාට පුරපතිගෙන් පිහිටක්!

baby

හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත.

සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය.

ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව තුළ ගම්පහ නගරයේ වෙසෙන යාචකයන්ට ආහාර පාන ලබාදීමට ගොස් සිටි  නගර සභා සේවකයන් පිරිසක් කළ දැනුම් දීම මතය.

නගරාධිපතිවරයා වහාම ගම්පහ ප්‍රාදේශිය ලේකම්තුමිය වන ලක්ෂිණි ගුණතිලක මහත්මිය ද කැටුව අදාල ස්ථානයට යන විටත් සිව් දින බිළින්ඳා සීතල පොළවේ නිදිය.

දරුවාගේ මව 47 හැවිරිදි වන අතර පියා 57 හැවිරිදිය. ඔවුන් සිටි කුලී කාමරයෙන් එළියට දමා ඇත්තේ කුලී මුදල් ගෙවා නොමැති බැවිනි. ඒ් අවස්ථාවේ කාන්තාව දරු ප්‍රසුතිය සිදු කර නොතිබුණු අතර ඇය ගම්පහ රෝහල් ගතව ඇතතේ දරු ප්‍රසුතිය වෙනුවෙනි. එහිදි නීරෝගී දරුවෙකු ලැබ ඔවුන් රෝහලෙන් ටිකට් කැපිමෙන් පසුව යාමට තැනක් නොමැති නිසා ගම්පහ නගරයේ මෙම වෙළඳසැල අසලට පැමිණ ඇති බවත් දරුවාගේ පියා පවසා ඇත.

නගරාධිපතිවරයා වහාම ගම්පහගිනි නිවීම් ඒකකයේ ගිලන් රථය ගෙන්වා ගෙන නගර සභාවේ වෛද්‍යවරයා, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවද සමඟින් දරුවා හා මව්පියන්ට නගර සභාවේ නිල නිවසක තාවකාලිකව නවාතැන් ගැනීමට කටයුතු සකසා දෙන ලදි.

එම නිවසටද දරුවා ගෙන යාමට පෙර නගර සභා සේවකයින් විසින් පිරිසිදු කර අවට පරිසරය ධුමායන කටයුතුද සිදු කරනු දක්නට ලැබුණි. පසුව විවිධ පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු ද්‍රව්‍යද සමඟින් නිවසට දරුවා ගෙන එනු ලැබුණි. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වීමත් සමඟ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාට දස දෙසින් දුරකථන ඇමතුම් පැමිණියේය.

ඇතමුන් ඇසුවේ දරුවා හදා ගන්න ගත හැකිද? කියාය. තව අයෙක් දරුවාට තැබීමට නම් යෝජනා කර තිබුණි. මේ අතර තවත් පිරිසක් විවිධ උපකාර කරන්නට ඉදිරිපත් විය.

කෙසේ නමුදු අවසානයේ ගම්පහ ප්‍රදේශයේ නම හෙළි කිරිමට අකමැති වු ව්‍යාපාරිකයෙකු මෙම දරුවාට හිසට සෙවණක් දීමටත්, ඔහුගේ පියාට රැකියාවක් ලබා දීමටත් ඉදිරිපත් විය. ඒ් අනුව ගම්පහ පොලිසියේ මැදිහත් වීමෙන්ද ඊයේ (24) දින මේ බිළිඳා සිය මව්පියන්ද සමඟින් නව නිවහනක් වෙත ගොඩ වැදුනේ විවිධ පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු බඩු භාණ්ඩද සමඟිනි.

අද ඔහු සමාජයේ  සියලු දෙනාගේ ආදරය, ආශිර්වාදය  ලබමින්, සුව සේ සිටින්නේ ගම්පහ නගරාධිපතිවරයා කළ මැදිහත් වීම මතය.

babay babay babay babay

ශානිකා

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….