ඔත්තුවක් දී වැඩ වැරදුන හැටි

කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් උරනව සිටි ජාවාරම්කරුවන් පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට කඩුවකින් කොටා ඔවුන් ගමන් කළ ලොරි රථය ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ අපරාධ විමර්ශන අංශය (21දා) රාත්‍රීයේ පරික්ෂණ ආරම්භකර තිබේ.

පරසන්ගස්වැව පොලිස්වසමේ දොරමඩලාව විහාරස්ථානයට හැරෙනා මාවතතේදි ලොරි රථයේ ගමන් කළ අයියාට හා මල්ලීම කඩු ප්‍රහාරය එල්ලවි තිබෙනා බවත් කඩු ප්‍රහාරයෙන් කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් මල්ලි බරපතල කැපුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහගේ ප්‍රතිකාර ලබයි.

සැකකරුවන් සිවුදෙනෙකු ඔවුන් පසුපස පන්නාගෙන ඇති බවත් රථයේ සිටි අයියාට කඩු පහර එල්ල කළත් ඔහු ප්‍රහාරයෙන් බේරී ඇති බව කියන පොලිසිය රථයට පෙට්ට්‍රල් දමා ගිනි තැබිමේදි ඔහුගේ අත සුළු වශයෙන් පිලිස්සි ඇති බව පවසයි.ප්‍රහාරයට ලක්වු දෙදෙනා මිහින්තලය පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඌරූ කොටුවක් පවත්වා ගෙන යන බව පොලිසිය පවසයි.

බරපතල අන්දමින් කඩු ප්‍රහාරයට ලක්වි තුවාල ලබා සිටින මල්ලි විසින් සැකකරුවන් පසුගිය දිනවල ඔහුගේ සත්ව ගොවිපල ආසන්නයේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරම පිළිබදව පොලිස්ථානයකට තොරතුරු ලබාදීම හා එම තොරතුරු පොලිස් නිලධාරියෙකු ජාවාරම්කරුවන්ට අනාවරණය කිරීම නිසා ඔවුන්ට ප්‍රහාරය එල්ලවි තිබෙනා බව අනාවරණය විය.

සැකකරුවන් සිවුදෙනා පැමිණ මුළුලින්ම කඩු ප්‍රහාරය එල්ලකර පසුව රැගෙනවිත් තිබූ පෙට්ට්‍රල් ඉන්දන රථයට හලා ගිනි තබා ඇතත් එම ගින්න නිවා දැමිමට නොහැකිවීම නිසා රථය ගිනිගෙන විනාශවි තිබේ.ප්‍රහාරය එල්ලකළ හා රථයට ගිනි තැබූවන් පොලිසිය හදුනාගෙන තිබෙනා අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරයි.

බරපතල තුවාල ලබා ඇති තරුණයාට ශල්‍ය කර්මයක් සිදුකර තිබෙනා අතර ඔහුගේ තත්වය බරපතල බව අනුරාධපුර ශික්ෂණ රෝහල පැවසුවේය.

පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශ්‍රීකාන්ත මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශය හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථානාගාරයේ නිලධාරින් අපරාධය පිළිබදව පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….