wathu

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි විමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස්. ටි. ගනේෂලිංගම්  මහතා පවසයි.

හැටන් හීල් විව් ශාලොවේදි මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ගනේෂලිංගම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

අද වතු කම්කරුවන්ගේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දෛනික වැටුප් ප්‍රශ්නයයි මේ වතු කම්කරුවන් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනිම සදහා 2015 සිටම විවිධ අරගල කරනවා අපිට මතකයි පසු ගිය කාලයේ මාස කිපයක් වර්ජන කරමින් ඔවුන් මේ රුපියල් දහසේ වැටුප් වැඩි කර ගැනිමට කටයුතු කල අකාරය.

එහෙත් මේ වන තෙක් එම වැටුප් වැඩි කර ගැනිමට නොහැකිවි තිබෙනවා පසු ගිය මැතිවරණවලදි මෙම ප්‍රදේශයේ දේශපාලන රැස්විම්වලදිද මෙම වතු කම්කරු වැටුප් වැඩි කිරිම පිලිබදව විවිධ කතා පැවසුවා එත් මේ වන තෙක් මෙම වැටුප් වැඩිවිම සිදුව නැහැ.

2021 වර්ෂය සදහා අය වැය ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා 2021 ජනවාරි සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව එම ප්‍රකාශය සතුටට කරුනක් එත් මේ වතු හාම්පුතුන් පවසන්නේ මෙම වැටුප් වැඩි කිරිම කල නොහැකි බවයි එම තත්වයන් මත මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොවන්නේද යන්න ප්‍රශ්නයක්.

වතු කම්කරුවන් සදහා වැටුප් වැඩි කිරිමේ සාමුහික ගිවිසුමද මේ වන විට කල් ගොස් තිබෙනවා වතු හාම්පුතුන් බලන්නේ වතු කම්කරුවනගේ වැටුප් වැඩි නොකර ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනිම පමනයි මෙම තත්වයන් මත අපිට සැකයක් පවතිනවා මෙවරත් වතු කම්කරු වැටුප් වැඩි විම පිලිබදව.

අද පවතින ජිවන වියදම මත වතු කම්කරුවන් දැඩි අසිරුතාවයන්ට පත් වෙලා ඉන්නේ මොකද මේ වන විට ඔවුන්ට ලැබෙන වැටුප ජිවත් වෙන්ව මදි මේ පිලිබදව රජය දැඩි අවදානය යොමු කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts