cyber

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි 50කට  ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ.

ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි.

SOLAR WINDS නම්​ ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්‍රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා තිබිණි.

රජයේ ප්‍රධාන ආයතන කිහිපයක පමණක් තොරතුරු සොරකම් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. අදාළ ආයතනය මීට පෙර ප්‍රකාශ කළේ ලක්ෂ තුනක් පමණ වන සිය ගනුදෙනුකරුවන්ගෙන් දහඅටදහසක්ම දැනටමත් එම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවය.

Similar Posts