වසර අටක් කන්ටේනර් පෙට්ටියක හිරවු රෝහල් පොලිසියේ නිලධාරින්

කළුතර, නාගොඩ මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරින් වසර අටක් තිස්සේ අඩි 20 යි 10 ප්‍රමාණයේ කන්ටේනර් පෙට්ටියක හිරවී රාජකාරි කරති.

කළුතරදිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල වන කළුතර – නාගොඩ මහ රෝහලේ පොලීසිය පවත්වාගන යන්නේ පැරණි කන්ටෙිනර් පෙට්ටියක් තුළය. පොලිස් ස්ථානාධිපතිවරයෙකු යටතේ පොලිස් නිළධාරීන් අට දොනකු අනුයුක්තව දිනපත් මෙම කන්ටෙිනර් පෙට්ටිය ඇතුලේ නිළධාරින් හතර දෙනෙකු ස්ථානාධිපති වරයා සමග පැය විසි හතර පුරා සේවය කරති.

දිනපතා පැමිණිලි, හා විමර්ශන රාශියක් ලැබෙන අතර ⁣රෝහලේ ආරක්ෂාව, පොලිස් පරික්ෂණ සහිතව පැමිණෙන රෝගින්ගේ විමර්ශන කටයුතු ආදි රිජකාරි රැසක් මෙම රෝහල් පොලිසියෙන් සිදුවෙයි.

කන්ටෙිනර් පෙට්ටි පොලිස් ස්ථානය තුළ කාන්තා නිළධාරිනියක් ටික කාලයක් සේවය කළද ඇඳුමක් මාරු කරගැනිම, නිළ ඇදුම ඇදිම, ඇතුළු පෞද්ගලික කටයුතු කර ගැනිමට නොහැකි නිසා මෙි වන විට කළුතර නාගොඩ මහ රෝහලේ පොලිස් ස්ථානයට කාන්තා නිළධාරිණියක් නැත. කාන්තා ⁣ නිළධාරිනියක් නැතත් අවශ්‍ය තාවයකදි නිළධාරිණියක් ගෙන්වා රාජකාරි කිරිමට සිදුව තිබේ.

දෛනික රාජකාරි කටයුතු, නිධාරින්ගේ ඇදුම්,ආහාරපාන , කාර්යාලයිය පොත් පත්. පැමිණළි කරුවන් ආදි සියල්ල අඩි 20 යි 10 පෙට්ටිය තුළය.නිලධාරින් ආහාර ගැනිම, තේ එකක් පිළියලකිරිම, ඇතුළු සියල්ල මෙි පෙට්ටිය තුළ සිදුකර ගැනිමට සිදුව තිබේ .

ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් හතර දෙනෙකු මේ පෙට්ටි පොලිසිය තුළ සිට සිදුකරන රාජකාරිය සුළුපටු නොවේ.රටේ සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් කරදරයක් සිදුවු විට පොලිසියට පැමිණිලි කළ හැකිය. නමුත් පොලිසියට සිදුවන දුක් කරදර පැමිණිලි කරන්නට කෙනෙකු හෝ තැනක් නැත.

කළුතර නාගොඩ මහ රෝහලට පොලිස් සේවයක් අත්‍ය අවශ්‍ය වන අතර ගොඩනැගිළි රාශියකින්.සමන්විත මෙම රෝහලේ පොලිස් ස්ථානය සදහා ⁣විධිමත් ලෙස ගොඩනැගිල්ලක ඉඩ වෙන්කරදීම අපහසු, කළ නොහැකි.කටයුත්තක් නොවෙියැයි රෝහලට නිතර යන එන ජනතාව කියති.අවස්ථා කිපයකදි මෙි පිළිබඳ පෙන්වා දුන්නනත් පොලිසියට සාධාරණත්වය ඉටුව නැත.කුඩා ඉඩක තැන් තැන්වල පොලිසියේ රාජකාරි කළ නොහැකි බව තවමත් වගකිවයුත්තන් තේරුම් ගෙන නැත.

කළුතර නාගොඩ මහ රෝහලේ පෙට්ටි පොලිසිය පීළිබදව කළුතර දිස්ත්‍රික්.පාර්ලිමෙින්තු මනත්‍රි අනුප පස්කුවල් මහතා පසුගිය (03) එහි ගොස් ඒ පිළිබඳ සොයා බැලිය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙින්තුමන්ත්‍රි අනුප පස්කුවල් මහතා කිවෙි පොලිස් නළධාරින් ඉතාම දුෂ්කරතා මැද රාජකාරී කරන බවයි..මෙි සදහා විධිමත්ස්ථානයක් ලබා දිය යුතුයි. මෙි පිළිබඳ රෝහල් බලධාරින් සමග සාකච්ඡා කලා. දැනට ඒ සදහා ඉඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නැතිවිම ප්‍රශ්නයක්වෙලා තියෙනවා.මෙි පිළබද පොලිසිය බාර අමාත්‍ය සරත් විරසේකර මැතිතුමා සමගත් සාකච්ඡා කිරිමට බලාපොරොත්ත වෙනවා. කළුතර දිස්ත්‍රික්සම්බන්ධිකරන කමිටුවෙත් අවධානය යොමු කරිමට බලාපොරොත්තු වෙනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….