sujeewa

බරපතළ මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් වහාම ඉවත් කරන ලෙසට අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින් තමන් යටතේ ඇති පෞද්ගලික සමාගමක් වන BDO Partners විගණන සමාගම වෙත රුපියල් මිලියන 25ක ණයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ලවී තිබීම මේ සඳහා හේතුවී තිබේ.

මෙම ණය මුදල නිකුත් කිරීමේදී මහජන බැංකුවේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය මුදලක් ලබාදීමේදී නිකුත් කර ඇති උපදෙස් හා නියෝගයන් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

 

Similar Posts