ජාතික සම්පත් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් අප්‍රසාධය

threeposa

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අඩුබර සහිත දරුවන් වෙනුවෙන් අමතර ආහාරයක් ලෙස නොමිලයේ බෙදාදීමට පාළාත් වලට ලබාදෙන ත්‍රී පෝෂ කල් ඉකුත්වීමට දින දහයකටත් අඩු කාලයක් තිබියදි බෙදාදීම හා ජාතික සම්පත් මේ ආකාරයෙන් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන් පිරිසක් දැඩි අප්‍රසාධය පලකළහ.

පසුගිය හත්වනදා අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පුල්ලයොර් හංදිය අබිමංසල අසල පිහිටා ඇති ළමා සායන මධ්‍යස්ථානයේ පැවත්වු සායනයේදී කල් ඉකුත් වීමට දින නමයක් පමණ ඇති ත්‍රිපෝෂ ලබාදි ඇති බව මව්වරුන් පැවසූහ.

මෙම ත්‍රීපෝෂ ඇසුරුම් වල ඇසුරුම් දිනය ලෙස 2021 මාර්තු මස 17 දිනය සටහන්ව තිබනා බවත් කල් ඉකුත්විමේ දිනය 2021 ජූලි 16දා බව සදහන්ව තිබෙන බව මව්වරුන් පැවසුහ

ඒ සම්බන්ධයෙන් අප්‍රසාධය පලකළ මව්වරුන් පිරිසක්.එක පාරටම මිඩ්වයිෆ් නෝනා වෙනදට නොදෙන අයටත් ත්‍රීපෝෂ දුන්නා.අපි හිතුවා කොරෝනා නිස පොඩි දරුවන් ඉන්න ඇතැම් පවුල් අසරණ තත්වයට පත්වෙලා ඉන්න නිසා මේ අතිරේක ආහාරය දෙන්න ඇති කියලා.

ත්‍රී පෝෂ ගෙනිහිල්ලා දවස් දෙකකට විතර පස්සේ දරුවන්ට හදලා දෙන්න යනකොට ඇසුරුමේ දින බැලුවමයි රහස වැටහුණේ.ත්‍රීපෝෂ මළු පිටින් ඕන අයටයි එපා අයටයි දීලා තියෙන්නේ ඒවයේ කල් ඉකුත් වෙන්න තියන නිසා.

පෝෂණය අඩු දරුවන්හට පසුගිය කාලසීමාවේදී රජයෙන් නොමිලේ ලබාදෙන ත්‍රීපෝෂ දරුවන්ට ලැබුණේ නෑ.ඉල්ලුවහම ඇවිල්ලා නෑ කියනවා.පැවති සායනයේදී පවුල් සෞඛ්‍ය නිලධාරිනිය කල් ඉකුත් වෙන්න ආසන්නයි කියලා කිසිදු දැනුම්වත් කිරීමක් නොකර අවුරුදු පහට වැඩි අධිපෝෂණය ඇති දරුවන්ටත් ත්‍රී පෝෂ බෙදලා දුන්නා.ඉක්මනින් ත්‍රීපෝෂ තොගය අවසන් කිරීමට තමයි දීලා තියෙන්නේ.

අපේ දරුවෝ සත්තු කියලා හිතාගෙනද දන්නෑ මේවා බෙදලා දුන්නේ.සමහර මව්වරු දින බලන්නෙවත් නැතුව දරුවන්ට කන්න දෙනවා.අපි කල් ඉකුත්විමේ දිනය සතියක් දෙකක් තියන බඩුවක් සල්ලි දීලා වත් වෙළදසැලකින් ගන්නේ නෑ.එහෙම තියෙද්දි මාස හතරක් නිෂ්පාදනය කරලා කල් ඉකුත් වෙන්න තියන ත්‍රී පෝෂ අපේ දරුවන්ට කවන්න පෝෂණය ගැන කථා කරන ආයතන කටයුතු කිරීම හරිම කැතයි.

මේක පළාතෙන් වුනාද ජාතික මට්ටමෙන් වුනාද කියන එකයි ප්‍රශ්නය.රජය රුපියල් ලක්ෂ කෝටි ගණනින් වියදම් කරද්දි ඒවා නිසා අන්දමින් මේ නිලධාරින්ට බෙදාගන්න බෑ.කොරෝනා වෛරසය සමයේ කන්න නැති පවුල් කොච්චර හිටියද?කුඩා දරුවෝ කොච්චර දුක්වින්දද?මේවා ජාතික අපරාධ යනුවෙන් මව්වරුන් පිරිසක් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය අංශ බලධාරියකුගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ මෙය ජාතික මට්ටමෙන් සිදුවන වරදක් බැවින් ඊට පළාතේ කිසිදු නිලධාරියෙකුට වරද බාර ගැනීමට නොහැකි බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….