threeposa

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අඩුබර සහිත දරුවන් වෙනුවෙන් අමතර ආහාරයක් ලෙස නොමිලයේ බෙදාදීමට පාළාත් වලට ලබාදෙන ත්‍රී පෝෂ කල් ඉකුත්වීමට දින දහයකටත් අඩු කාලයක් තිබියදි බෙදාදීම හා ජාතික සම්පත් මේ ආකාරයෙන් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන් පිරිසක් දැඩි අප්‍රසාධය පලකළහ.

පසුගිය හත්වනදා අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පුල්ලයොර් හංදිය අබිමංසල අසල පිහිටා ඇති ළමා සායන මධ්‍යස්ථානයේ පැවත්වු සායනයේදී කල් ඉකුත් වීමට දින නමයක් පමණ ඇති ත්‍රිපෝෂ ලබාදි ඇති බව මව්වරුන් පැවසූහ.

මෙම ත්‍රීපෝෂ ඇසුරුම් වල ඇසුරුම් දිනය ලෙස 2021 මාර්තු මස 17 දිනය සටහන්ව තිබනා බවත් කල් ඉකුත්විමේ දිනය 2021 ජූලි 16දා බව සදහන්ව තිබෙන බව මව්වරුන් පැවසුහ

ඒ සම්බන්ධයෙන් අප්‍රසාධය පලකළ මව්වරුන් පිරිසක්.එක පාරටම මිඩ්වයිෆ් නෝනා වෙනදට නොදෙන අයටත් ත්‍රීපෝෂ දුන්නා.අපි හිතුවා කොරෝනා නිස පොඩි දරුවන් ඉන්න ඇතැම් පවුල් අසරණ තත්වයට පත්වෙලා ඉන්න නිසා මේ අතිරේක ආහාරය දෙන්න ඇති කියලා.

ත්‍රී පෝෂ ගෙනිහිල්ලා දවස් දෙකකට විතර පස්සේ දරුවන්ට හදලා දෙන්න යනකොට ඇසුරුමේ දින බැලුවමයි රහස වැටහුණේ.ත්‍රීපෝෂ මළු පිටින් ඕන අයටයි එපා අයටයි දීලා තියෙන්නේ ඒවයේ කල් ඉකුත් වෙන්න තියන නිසා.

පෝෂණය අඩු දරුවන්හට පසුගිය කාලසීමාවේදී රජයෙන් නොමිලේ ලබාදෙන ත්‍රීපෝෂ දරුවන්ට ලැබුණේ නෑ.ඉල්ලුවහම ඇවිල්ලා නෑ කියනවා.පැවති සායනයේදී පවුල් සෞඛ්‍ය නිලධාරිනිය කල් ඉකුත් වෙන්න ආසන්නයි කියලා කිසිදු දැනුම්වත් කිරීමක් නොකර අවුරුදු පහට වැඩි අධිපෝෂණය ඇති දරුවන්ටත් ත්‍රී පෝෂ බෙදලා දුන්නා.ඉක්මනින් ත්‍රීපෝෂ තොගය අවසන් කිරීමට තමයි දීලා තියෙන්නේ.

අපේ දරුවෝ සත්තු කියලා හිතාගෙනද දන්නෑ මේවා බෙදලා දුන්නේ.සමහර මව්වරු දින බලන්නෙවත් නැතුව දරුවන්ට කන්න දෙනවා.අපි කල් ඉකුත්විමේ දිනය සතියක් දෙකක් තියන බඩුවක් සල්ලි දීලා වත් වෙළදසැලකින් ගන්නේ නෑ.එහෙම තියෙද්දි මාස හතරක් නිෂ්පාදනය කරලා කල් ඉකුත් වෙන්න තියන ත්‍රී පෝෂ අපේ දරුවන්ට කවන්න පෝෂණය ගැන කථා කරන ආයතන කටයුතු කිරීම හරිම කැතයි.

මේක පළාතෙන් වුනාද ජාතික මට්ටමෙන් වුනාද කියන එකයි ප්‍රශ්නය.රජය රුපියල් ලක්ෂ කෝටි ගණනින් වියදම් කරද්දි ඒවා නිසා අන්දමින් මේ නිලධාරින්ට බෙදාගන්න බෑ.කොරෝනා වෛරසය සමයේ කන්න නැති පවුල් කොච්චර හිටියද?කුඩා දරුවෝ කොච්චර දුක්වින්දද?මේවා ජාතික අපරාධ යනුවෙන් මව්වරුන් පිරිසක් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය අංශ බලධාරියකුගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ මෙය ජාතික මට්ටමෙන් සිදුවන වරදක් බැවින් ඊට පළාතේ කිසිදු නිලධාරියෙකුට වරද බාර ගැනීමට නොහැකි බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts