වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා තවමත් පිපාසෙන් – වගකිවයුත්තන් නිහඩයි

මතුගම “ප්‍රජා පැතුම් පුර ගම්මානයේ ජනතාව වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා වගකිවයුත්තන්ට ලියුම් දුන්නත්, ඉල්ලීම් කලත් . විරෝධතා දැක්වුවත් තවමත් තමන් පිපාසෙන් යැයි, ගම්වාසින් කියති. සුනාමි ඛේදවාචකයෙන් උන්හිටි තැන් අහිමිවු ජනතාව වෙනුවෙන් ඉදිකල මෙම ගම්මානයේ 2006 වර්ෂයේදි තමන් පදිංචි කලත් එදා මෙදාතුර වසර 14 ක් තිස්සේ ගෙවත්තේ වතුර නැති ළිංවලට සාප කරමින් සිටින බව ඔවුන් කියති.

පර්චස් දහයේ කුඩා බිම් කැබලි වල නිවාස තනා ළිං කපා ඇතත් අඩි හැට හැත්තෑව යට හෑරුවත්, වතුර ගැලුමක්වත් නැතැයි පදිංචිකරුවන් කියති.

ඇතැම් නිවාස වලට එවැනි ළිං හෝ නැති නිසා වතුර සොයා කිලෝමිටර දෙක තුන ඈත ප්‍රදේශවලට යාමට සිදුව ඇතැයි ප්‍රජා පැතුම්පුර ගම් වැසියන් කියති.මතුගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට , ප්‍රාදේශිය සභාවට, කළුතර දිසා ලේකම් කාර්යාලයට, ප්‍රදේශය නියෝජනය කරන මැති ඇමති වරුන්ට, ප්‍රදේශයේ පක්ෂ – විපක්ෂ දේශපාලනඥයින්ට කටේ කෙළ හිදෙන තෙක් කොතෙක් කිවත් තවමත් ප්‍රජා පැතුම් පුරට වතුර නැතැයි පදිංචිකරුවන් චෝදනා කරති.

 දිල්කා ගමගේ මහත්මිය – ප්‍රජා පැතුම්පුර

වතුර නැතිව අපි අපමණ දුකක් විදිනවා. කිලෝමිටරයක් විතර දුර ගිහිල්ලා දරුවන් නාවගන රෙදි හෝදගන එනවා. වැහි වතුර එකතුකරගෙ ගෙදර වැඩට ගන්නවා. පායන කාලෙට රස්සාවලට යන එක නතර කරල ගමේ මිනිස්සු වතුර හොයන්න යනවා.මතුගම අලුත්ගම මාර්ගයේ ප්‍රධාන ජල ව්‍යාපෘතියෙන් මේ ගම්මනයට වතුර දෙන්න පුළුවණි. එහෙම නැත්නම් ගම්මානයට පොදු ළිදක් කපල ටැංකියක් ගහල හරි වතුර දෙන්න කියල කියන්න , ලියන්න තියෙන හැම කෙනාටම කිව්වා. ලිව්වා.

පද්මලතා මහත්මිය

වැහිවතුර එකතුකරගන උයන්න පිහන්න ගන්නවා. අත, කට හෝදන වතුර ටික වැසිකිළියට ගන්නවා. රෙදි එකතුකරගන ගෙවල් ගානෙ ගිහිල්ලා අහල පහල වලකින් හෝද ගන්නවා. අඩි හැටක් විතර ගැඹුරට ළිද කපල වතුර මෝටරය ළිද ඇතුලට දාල වතුර ලිටර් දෙක තුනක් ගන්නවා. පායන කාලෙට ඒකත් නෑ. ඡන්ද කාලෙට එන දේශපාලනඥයො පොරොන්දු දිල යනව. එච්චරයි. පහුගිය කාලෙ ගමට වතුර දෙන්න පොදු ළිදක් කැපුවා. ඒකත් අතර මග නතරකරල දාල තියෙනවා.

ඩබ්ලිව්. ඩි. රංජනි මහත්මිය

සුනාමියෙන් අසරණ වෙච්ච මිනිස්සු අද තවත් අසරණ වෙලා. හරියට පාරක් තොටක් නෑ. වහින කාලෙට වැහි වතුර එකතුකර ගන්නවා. ළිංවල වැහි වතුර එකතුවුණාම ටික දවසක් බොනවා. ඊට පස්සෙ ආයෙත් වතුර හොයන්න ගම වටේම යනවා.

නිමාලක සුරංග විරසුරිය මහතා – මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි

මේ ගම්මානයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වතුර නැති එකයි. පායන කාලෙට මිනිස්සු අසරණ වෙනවා. ළිං කැපුවට වතුර නැහැ. මගේ ගෙදර ළිදේ වතුර ටික ටැංකිවලට දාගන ලොරියක පටවල ගිහිල්ල ඒ මිනිසුන්ට බොන්න දුන්නා. මතුගම – අළුත්ගම ජල ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට දීර්ග කලයුතුයි. නැතිනම් මේ ප්‍රදේශයට පානිය ජලය ලබාදෙන්න ජල ටැංකියක් ඉදිකල යුතුයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….