බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග  පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts