INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ලබන 14 වනදා දක්වා එය පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ දීයි.

තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනය සංවිධානකර ඇත්තේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි.

හෝමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දැවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය ලෙසින්.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරන ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත්.

Related posts