ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට

ahara

පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලදී ගැනීමට ඇති හැකියාව අතින් ලෝකයේ දුර්වලම රටවල් 10 අතුරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්වෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

‍බැසිල් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා අනුරාධපුර හා කුරුණෑගල මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන විසින් සංවිධානය කළ මර්ගගත සාකච්ඡාවේ ප්‍රධාන දේශණය ඉදිරිපත් කරමිනි. ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ..

ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් තව තවත් අගාධයට වැටෙමින් සිටිනවා. මේ තත්ත්වය මන්දපෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන් ළමුන්ගේ පැවැත්ම සහ වර්ධනය අවධානමට ලක් කිරීමටත් හේතු වෙනවා.

මන්දපෝෂණය සෞඛ්‍ය ගැටළු රාශියකට මග පාදන අතර එය බුද්ධි මට්ටම පහත හෙළීමටද සෘජුවම හේතු විය හැකියි. තවද, පිරිහිණු වැහැරුණු සිරුරක් නඩත්තු කිරීමට දැරිය යුතු සෞඛ්‍ය වියදම් ඉහළ යාමෙන් මූල්‍යමය වශයෙන් ද, වැඩදායී මානව සම්පත දුබලව කෘෂව යාමෙන් ඇතිවන ආර්ථික අලාභයන් නිසා වක්‍රව රටකට සිදු වන හානිය සුළු පටු නොවන බවත් ඔහු ප්‍රකාශ කලාය.

මෙකී වාතාවරණය තුළ ලෝක අවධානය ආහාර සුරක්‍ෂිතතාව වෙත යොමු වෙමින් සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර සංවිධනය වැනි ජාත්‍යන්තර ආයතන පවා සාගින්නට එරෙහි නව වැඩ පිළිවෙලක ඇති අවශ්‍යතාව අවධාරණය කරමින් අනාගත ආහාර අවශ්‍යතාව සපුරා ගත හැකි මාර්ග පිළිබඳ සොයා බැලීමට උත්සුකව සිටින බවත් ප්‍රකාශ කළාය.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල පාරිභෝගිකයින් තම ආදායමෙන් 50% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කරනු ලබන බවත්, සංවර්ධිත රටවල මෙම ප්‍රතිශතය සියයට 10%-20% ත් අතර පවතින බව ඔහු ප්‍රකාශ කළාය. එමනිසා ආහාර මිල ගණන් ඉහළ යාම අඩු සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මත දැඩි පීඩනයක් ඇති කර ඇති බවත් ඔහු ප්‍රකාශ කලාය.

ආහාර මිල ඉහළ යාමට තුඩු දුන් කාරණා ගණනාවක් ඇති බවත්, මේ අතරින් ගෝලීයව පැන නැගී ඇති කොවිඩ් 19 වසංගත උවදුර ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබෙන බවත් ප්‍රකාශ කලාය. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක පවතින ආර්ථික අර්බුදය, ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර නොමැතිවීම මෙන්ම, ලැබෙන අස්වැන්න නිසියාකාරව ජනතාව අතර බෙදී නොයාම හා නිශ්චිත වෙළඳ පොළ කළමණාකරණයක් නොමැතිකම යන හේතු කාරණා මත උග්‍ර ආහාර අර්බුදයකට රට තල්ලු වෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආහාර මිලදී ගැනීම සඳහා පුරවැසියන් සතු හැකියාව වේගයෙන් හීන වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

– නීතීඥ බැසිල් ප්‍රනාන්දු

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….