ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නෙ එල්ලපු කපුටු තටුවක්

kapututhatuwa

මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවකු එවකට එජාප මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන ග්‍රෙගරි පාරේ හා කිරුළපන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද 2010 ආසන්න වකවානුවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

රහස් පොලිසිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු හැර පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ පොලිස්පතිවරයා විසින් ම කරන ලද පැමිණිල්ලක් අනුවයි.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද අය අතර දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා පසුව රටින් පිට ඊලාම් පාරජාතික පාලනයේ සම්බන්ධීකාරකවරයකු වූ ජයනන්ද මූර්තිගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ඔහුගේ බෑණා වන නඩරාජසිංහම් සුභාෂ් හෙවත් ස්ටීවන් ද සිටියේය. සෙසු සැකකරුවන් වූයේ සිවරාජා, සුභා ක්‍රිෂ්ණන්, ජනූ, ලින්ටන්, සන්දිරාෂන් හා වරදරාජන් යන නම්වලින් හැඳින්වුණු අයයි.

කෙසේ වෙතත්, නීතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය 2010 අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය.

මෙම ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේ නැත. සෙසු සැකකරුවන් ද පසුව නිදහස් කරන ලදී.

මෙවැනි පසුබිමක් සහිත පුද්ගලයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙතින් පහත දැක්වෙන ආකාරයේ එක් කපුටකු එල්ලා තටුව එල්ලිය යුතු යයි ත්‍රස්තවාදී කතාවක් කියැවීම පිළිබඳ පුදුම විය යුතු නැත.

praja

Related posts