දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට ලක්විය හැක

fakenews

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට හෙලිය හැකි බව සිටිසන් ෆැක්ට් චෙක්හි  සහාය සංස්කාරක මනෙෂ්කා බොර්ම් මහත්මිය පවසයි.

ඇය පවසන්නේ මේ දුෂ් තොරතුරු මේ වන විට සීඝ්‍රයෙන් වැඩි වීමක් / ව්‍යාප්ත වීමක් පවතින බවත් එකම දේ විවිධ අයුරින් සංසරණය වන බවත්ය. නිදසුනක් ලෙස අයි.ඩි. එච් රෝහලෙන් ලබා දුන් බෙහෙත් වට්ටෝරු කියා එක්තරා බෙහෙත් වල නම් සඳහන් වන බවත් සැබවින්ම රෝහලෙන් එවැනි වට්ටෝරුවක් ලබා දී නොමැති බවද ඇය පෙන්වා දෙයි.

එමෙන්ම මේ ආකාරයටම පොලිසියේ ලාංජනය භාවිතා කර පොලිසියෙන් උපදෙස් කියා බෙහෙත් වට්ටෝරුවක් පහුගිය දිනවල දකින්නට ලැබුණද සැබවින්ම පොලිසියෙන් එවන් දෙයක් නිකුත් කර නොමැති බවද ඇය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ඇතැම් විට මේ සංසරණය වන දුෂ් තොරතුරු තම ආයතනයටද පාලනය කර ගැනීමට නොහැකි තරම් පවතින බවය.

එසේම මේ අවස්ථාවේ මේ දුෂ් තොරතුරු දේශපාලන මඩ ගැසීම් වලට, අනුන්ගේ තොරතුරු ලබා ගැනීමට තැත් කිරිමට ආදියද යොදා ගන්නා බව නිරීක්ෂණය වී ඇති බව මනේෂ්කා බෝරම් මහත්මිය පවසයි.

නිදසුනක් ලෙස විවාහ මංගල්‍ය පැවැත්වීම තහනම් කර තිබු දිනවල තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සහභාගි වු විවාහ මංගල්‍යයක් ගැන, යුද්ධ හමුදාපතිවරයා සහභාගි වු විවාහ මංගල්‍යයක් ගැන ඡායාරූප පළ කරමින් පෝස්ටු සංසරණය වු බවත් ඒ් ගැන සොයා බැලිමේදි හෙළි වී ඇත්‌තේ ඒ් විවාහ මංගල්‍ය සීමා කිරීමට ප්‍රථම පැවති විවාහ මංගල්‍යයක ඡ්‍යාරූප බවත් ඇය පෙන්වා දෙයි.

එමෙන්ම අප අසවල් ආයතනයෙන්, ඔබට එන්න්ත් ලබා ගැනීමට ඇවැසි නම් මේ අයදුම්පත පුරවා එවන්න යනුවෙන් පත්‍රිකා නිර්මාණය කර ව්‍යාජ අයුරින් තවකෙකුගේ තොරතුරු ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාද නිරීන්ෂණය වු බව ඇය කියයි.

මේ අතර මේ දුෂ් තොරතුරු ආණ්ඩුව පැත්තෙන්ද සිදු වෙන බව පෙන්වා දෙන ඇය පවසන්නේ පහුගිය දිනෙක කැබිනට් මණ්ඩල සාකච්ඡාවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ එන්නත් පිලිබඳ කථාවය. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ එන්නත් වර්ග දෙකකින් ගත්තාට ගැටලුවක් නොවන බවය. නමුත් එයද දුෂ් තොරතුරක් බව ඇය කියා සිටියි.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (20) දින සූම් තාක්ෂණය ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කරන ලද වසංගතයෙන් වසන් වෙන තොරතුරු සංවාදශිලි කථිකාවතට එක් වෙමිනි.

මේ කථිකාවතට  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන. මනෝ වෛද්‍ය හසංගි සෝමදාස, වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් , මාධ්‍යවේදීනි  යොෂිතා පෙරේරා ද එක් වු අතර මෙහෙය වීම නීතිඥ දුලාන් දසනායක විසින් සිදු කරන ලදි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….