බලයට පත් වු කිසිම ආණ්ඩුවකට පොලිස් ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමේ උවමනාවක් තිබුනේ නැති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි.

සමාජයක් තුල ප්‍රජාත්‍රන්තවාදය සුරක්ෂිත කර ගැනීමට නම් පොලිස් ප්‍රචණ්ඩත්වය, වදහිංසාව වළක්වා ගත යුතු බව ඒ් මහතා පවසයි.

පූගොඩ පොලිසිය තුලදි වදහිංසාවට ලක්ව මිය ගිය ගයාන්ගේ මරණය පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා සිදු වු පළමු හා අවසන් සිදුවීම නොවන බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ කොවිඩ් වසංගතය තුල මෙවැනි සිදුවීම් වාර්තා වීම බරපතල ප්‍රශ්නයක් බවය.

නීතියට පිටින් අත්අඩංගුවට ගැනීම්, කෲර ලෙස පහර දීම්, අසනීප අවස්ථාවකදී වහාම රෝහල් ගත නොකිරීම ආදී කරුණු රැසක් සිදුව ඇති බව ගයාන්ගේ මරණයේදී හෙළි වු බවත් එහිදී ඔහුගේ බිරිඳ මේ සම්බන්ධව නීතිමය පියවර නොගත්තේ නම් මෙම මරණයද යටපත් වීමට තිබු බව පිලිප් දිසානායක මහතා පවසයි.

මෙවැනි සිදුවීම් වලදි අධිකරණයෙන් ලැබෙන විසඳුම් අවම වුවත් අපි ඊට එරෙහිව කරන සටන අත්නොහැරිය යුතු බවත් සමාජයේ මේ පිලිබඳ කථිකාවතක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

නීති ශත පහකට මායිම් නොකර නීතිය රැකීමට සිටින ආයතන මෙලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් සිටිද්දී සාමාන්‍ය ජනතාව මෝඩයින් සේ ඇස් කන් පියාගෙන සිටිනතාක් මේ ප්‍රචණ්ඩත්වය දිගටම පවතින බව අවාධාරණය කරන ඔහු පවසන්නේ මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැඟී සිටිය යුතු බවය.

ඒ් මහතා මේ බව කියා සිටියේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මෙහෙයවන ලද හෙට ගයාන් ඔබද? ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමු ! යන මැයෙන් සිදු කළ සාකච්ඡාවකදීය.

මෙම සංවාදය මෙහෙයවන ලද්දේ කුසුම් සිල්වා මහත්මිය විසිනි.

ශානි

aithiya

Similar Posts