පුතා බේර ගන්න ඉරටු සුද්ද කර ලක්ෂ 60ක් හොයන අම්මා

mother
මුහුදට වැටුණු ලේන පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට ලේන් අම්මකු නැට්ටෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයක් පිළිබඳව ජාතක කතා වස්තුවක් අපි අසා ඇත්තෙමු.
එදා මෙන්ම අදත් ලේන කුලයේ වීරිය වඩන අම්මා කෙනකු පිළිබඳ කතා පුවතක් අපට අසන්නට ලැබෙන්නේ ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන ගම්මානයෙනි. සැමියා විසින් ඇයව අතහැර දමා ගොස් ඇති අතර තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා සමඟ බොහෝ අමාරුකම් මැද ජීවත් වන්නීය.
කොතරම් අමාරුකම් තිබුණ ද මේ මවට ජීවිතයේ ඇත්තේ එකම බලාපොරොත්තුවකි. ඒ කෙසේ හෝ තැලසීමියා රෝගයෙන් පෙළෙන තම පුතු සුවපත් කර ගැනීමය.
අයි.ඒ.ජී. රම්යා ප්රියදර්ශනී වන ඇය හතළිස්තුන් හැවිරිදි වියේ පසුවන අතර පස් හැවිරිදි පුංචි පුතු ආර්.එම්. නෙතුම් නිම්සර ප්රියදර්ශනය.
මේ මව තැලසීමියා රෝගයෙන් පෙළෙන තම පුතුට ඇටමිදුලු බද්ධ සැත්කමක් සඳහා මුදල් සෙවීමට නොගන්නා උත්සාහයක් නැති තරම්ය. වතුවල ඇවිදිමින් පොල් අතු එකතු කර ඒවායේ ඉරටු සූරන්නේ විකුණා ලැබෙන මුදලින් පුතු සුවපත් කර ගැනීමටය.
ඇගේ සැමියා යුද හමුදා සෙබළකු වන අතර මේ පුංචි පුතු සිව්වැනි දරුවාය. නිම්සර පුතු ඉපදී මාස හතක් ගතවද්දී දරුණු තැලසීමිය රෝගයෙන් පෙළෙන බවට වෛද්යවරුන් විසින් පවසා තිබේ. ඉන් අනතුරුව සැමියා ඇයව සැක කර අනෙක් දරු තිදෙනාත් සමඟ වෙන් වී ඇත.
ඇය අධිකරණයේ පිහිට පැතීමෙන් දරුවාගේ උප්පැන්නයට පියාගේ නම දීමට සැමියා කැමති වී ඇති අතර එතැනින් එහාට මේ පුංචි පුතුගේ සියලු බර මවට පැටවෙන්නේය.
මේ වන විට තැලසීමියා රෝගයෙන් පෙළෙන පුංචි පුතු දරුණු ලෙස රෝගීව සිටින අතර ඇටමිදුලු බද්ධයට රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් අවශ්ය බවට වෛද්යවරුන් විසින් පවසා ඇත. මසකට අවස්ථා දෙකක් දරුවාට රුධිරය දීමට කුරුණෑගල රෝහලට යා යුතුව ඇතත් එයද ඔවුන්ට දුෂ්කර කටයුත්තකි.
නාවික හමුදාවෙන් දී තිබූ දරුවාගේ උදරයට සවි කරනා යන්ත්රය ද කැඩී ඇති අතර එය ද අලුත්වැඩියා කිරීමට නැවතත් නාවික හමුදා මූලස්ථානයට භාර දී ඇත.
ඉරටු සුද්ද කරමින් රුපියල් ලක්ෂ 60ක් සෙවීම කොතරම් අපහසු කරුණක් වුවද ඇය රැයක් දවාලක් නැතිව තම පුංචි පුතු වෙනුවෙන් මේ ගන්නා උත්සාහය දරු සෙනෙහස කොතරම් ද යන්න තවත් නිදසුන් අවශ්ය නැත.
මේ මවට ගන්නා උත්සාහය දැක ඔබට හැකි අයුරින් උපකාරයක් කිරීමට පුළුවන් නම් එය විශාල පින්කමකි. රටමිරිස් හේන, බේලියකන්ද, ගලේවෙල ලිපිනයේ පදිංචිව සිටිනා ඇයට මහජන බැංකුවේ, ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය 115 2 00 1 2 000 1342 ට ඔබගේ අධාර ලබා දිය හැකි අතර වැඩි විස්තර දුරකතන අංක 071-8514108 ට ඇමතීමෙන් දැන ගත හැකිය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….