මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියගේ භෂ්මාවශේෂ තැම්පත්කල භූමිය විනාශ කරයි

මෙරට භික්ෂුණි ශාෂනයේ ප්‍රථම මහරහත් මෙහෙනිය වන අනුලා මහ රහත් මෙහෙනියගේ (අනුලා බිසව) භෂ්මාවශේෂ තැම්පත්කර ඉදිකර තිබෙන චෛත්‍ය හා ආරම සංකීර්ණය ආසන්නයේම භික්ෂුණියකට බව කියමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් මිහින්තලය පුරාවිද්‍යා කාර්යාලය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

මිහින්තලය පුරාවිද්‍යා කළාපයේ පුවරසන්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ මෙම ඉදිකිරීම සිදුකර තිබෙනා අතර භික්ෂුණියකට ආරමයක් බව කියමින් කිසියම් ව්‍යාපාරික ආයතනයක අනුබලය මත පිරිසක් එක්වි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව අදාල ගොඩනැල්ල කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් රටෙහි සංචරණ සීමා පනවා තිබියදි ඉදිකිරිම් සිදුකර තිබේ.

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගමක් විසින් එහි කටයුතු සිදුකර තිබෙනා අතර තවත් ගොඩනැගිල්ලක් සදහා බේස් වලවල් 21අදාල පුරාවිද්‍යා බිමේ කපා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අනාවරණය කළේය.

මෙම සිද්ධිය සැලවීමත් සමග මිහින්තලය පුරාවිද්‍යා කළාප කාර්යාලයේ ස්ථානාභාර නිලධාරිවරයා රැකවලුන් දෙදෙනෙකු වහාම එහි ගොස් පරික්ෂණ පවත්වා තිබෙනා අතර ක්‍රීස්තු පූර්ව තුන්වන සිය වසට අයත් මෙම ප්‍රදේශයේ අධි සුඛෝපභෝගි දෙමහල් ඉදිකිරීමක් සිදුකිරීම පිළිබදව මිහින්තලය පොලිස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එම පැමිණිල්ල බාර නොගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේය.

මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියවූ අනුලා බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් පුවරසන්කුලම රක්ෂිතයේ චෛත්‍යක් ඉදිකර තිබෙනා අතර එහි ඇය ගිහිකළ භාවිතා කළ රාජාභරණ රැසක් තැම්පත්කර තිබෙනා බව ජනප්‍රවාදයේ සදහන්වේ.එමෙන්ම අක්කර 42ක් පුරා විහිදුණු පුරාවිද්‍යා රක්ෂිතයේ ගොඩනැගිලි ආරාම අවශේෂ රැසක් දැකගැනීමට හැකිය.

කිසියම් පිරිසක් පැමිණ කඩිනමින් මෙම ස්ථානයේ විශාල ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනා බවත් එය සංචාරක නිවාඩු නිකේතනයක් වියහැකි බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සැකපහළ කරයි.භික්ෂුණියකට බව කියන ගොඩනැගිල්ලට හදිසියේ රුපියල් කෝටි ගණනක් වියදම් කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැඩි සැකමතුවි තිබෙනා අතර මෙම ස්ථානය පුරාවිද්‍යා බිමක් බව තහවුරු කරගෙන තිබේ.

සංචරණ සීමා පනවා තිබියදි කඩවත පාදුක්ක කිරිල්ලවල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කම්කරුවන් පෙදරේරුවන් ඇතුළු පිරිස් ගෙන්වා ගෙන අදාල ඉදිකිරීම් සිදුකර තිබේ.මිහින්තලය පුරාවිද්‍යා කළාපය භාර මංජුල රස්නායක මහතාගෙන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.

පසුගිය (23දා) තමයි මට මුලින්ම පැමිණිල්ල ලැබෙන්නේ.මම වහාම එම ස්ථානයට ගිහිල්ලා පරික්ෂණ ආරම්භ කරලා අදාල කොන්ත්‍රාත් ආයතනයට කිවුවා මේ ඉදිකිරීම් සියල්ල නවත්වන්න කියලා.

ඔය කියන භික්ෂුණිය එම ස්ථානයේ වැඩමකර සිටියා.මම එම බිම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි 2001 වසරේ සොපිනෝනා හා චන්ද්‍රලතා කියන දෙපළ ඉඩම ආරාමයකට පූජා කළ බව අනාවරණය කර ගත්තා.2003 වසරේ තමයි එම ස්ථානයේ කුටි දෙකක් ඉදිවෙලා තියෙන්නේ.

ඒවා ගරාවැටිම නිසා දැන් දානශාලවක් ඉදිකරලා තියනවා.මේ මාසේ (2දා) පුරාවිද්‍යා නිලධාරියා ඇවිල්ලා පොලිස්ථානයට පැමිණිල්ල කරලා අදාල ගැසට් පත්‍ර රැගෙන ඇවිල්ලා පැමිණිල්ල දාන්නම් කිවුවා.ඒ අවස්ථාවේ ඔය කියන භික්ෂුණිය ඇතුළු පිරිස හිටියා.පුරාවිද්‍යා නිලධාරියා කිවුවා නම් මේක පුරාවිද්‍යා බිමක් කියලා මම ඒ වෙලේ සියළුම දෙනාම පුරාවිද්‍යා පනතින් අත්අඩංගුවට ගන්නවා.

නමුත් ඒ පණත් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නොතිබුණු නිසා මම ස්ථානයේ සිටි පිරිසට නැවත ඉදිකිරීම් නොකරන ලෙස දන්වා මුදාහැරියා.කොන්ත්‍රාත් සමාගමත් නිසි ලියකිවිලි නැවත ඉදිරිපත් කරනා තුරු ඉදිකිරිම් වලට නොපැමිණෙන බව දන්වා පිටත්ව ගියා.පැරණි ඉදිකිරීමක් වසර ගණනාවක ඉදලා තිබිලා තියනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන්ද සිය අප්‍රසාධය පලකළහ.

ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නම් අවභාවිතා කරමින් රජයේ උසස් නිලධාරියෙකු මේ කටයුත්තට සහය ලබාදීලා තියනවා.රජය අප්‍රසාදයට පත්කරන්න මේ වගේ වැඩ කරන්න එපා.අපි දන්නවා මෙතැන මොකටද හදිසියේ ඉදිකිරීම් වෙන්නේ කියලා.හමුදා නිලධාරියෙකුත් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.

පහුගිය ආණ්ඩු සමයෙත් එක එක අය මෙතන්ට මාන බැලුවා.මෙරට භික්ෂුණි ශාෂනයේ පළමු මහරහත් මෙහෙනිය.මේ ස්ථාන විනාශ කරන්න දෙන්න බෑ යනුවෙන් නාහිමිපානන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය කළාප භාර පුරාවිද්‍යා නිලධාරි මංජුල රස්නායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.මේ ස්ථානයේ 2014-17 කාලයේ තමයි අකටයුතු වෙළා තියෙන්නේ.පොලිසිය කියන වර්ෂවල කිසිම ඉදිකිරීමක් වෙළා නෑ දෙපාර්තුමේන්තුව හරි විමර්ශනයක් සිදුකරනවා.පොලිසියට කළ පැමිණිල්ල බාරගත්තේ නෑ.

මම අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයට අපේ සහකාර කොමසාරිස්තුමාට පැමිණිලි කරලා තියනවා.(5දා)පැමිණිල්ල මිහින්තලය පොලිසිය බාර නොගත්තොත් නියෝජ්‍ය පොලිස්පතිතුමාට පැමිණිලි කරනවා.මේ සම්බන්ධයෙන් අපේ පුරාවිද්‍යා කොමසාරිස්තුමා පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරන්න නියමිතයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….