මෙරට භික්ෂුණි ශාෂනයේ ප්‍රථම මහරහත් මෙහෙනිය වන අනුලා මහ රහත් මෙහෙනියගේ (අනුලා බිසව) භෂ්මාවශේෂ තැම්පත්කර ඉදිකර තිබෙන චෛත්‍ය හා ආරම සංකීර්ණය ආසන්නයේම භික්ෂුණියකට බව කියමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් මිහින්තලය පුරාවිද්‍යා කාර්යාලය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

මිහින්තලය පුරාවිද්‍යා කළාපයේ පුවරසන්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ මෙම ඉදිකිරීම සිදුකර තිබෙනා අතර භික්ෂුණියකට ආරමයක් බව කියමින් කිසියම් ව්‍යාපාරික ආයතනයක අනුබලය මත පිරිසක් එක්වි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව අදාල ගොඩනැල්ල කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් රටෙහි සංචරණ සීමා පනවා තිබියදි ඉදිකිරිම් සිදුකර තිබේ.

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගමක් විසින් එහි කටයුතු සිදුකර තිබෙනා අතර තවත් ගොඩනැගිල්ලක් සදහා බේස් වලවල් 21අදාල පුරාවිද්‍යා බිමේ කපා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අනාවරණය කළේය.

මෙම සිද්ධිය සැලවීමත් සමග මිහින්තලය පුරාවිද්‍යා කළාප කාර්යාලයේ ස්ථානාභාර නිලධාරිවරයා රැකවලුන් දෙදෙනෙකු වහාම එහි ගොස් පරික්ෂණ පවත්වා තිබෙනා අතර ක්‍රීස්තු පූර්ව තුන්වන සිය වසට අයත් මෙම ප්‍රදේශයේ අධි සුඛෝපභෝගි දෙමහල් ඉදිකිරීමක් සිදුකිරීම පිළිබදව මිහින්තලය පොලිස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එම පැමිණිල්ල බාර නොගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේය.

මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියවූ අනුලා බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් පුවරසන්කුලම රක්ෂිතයේ චෛත්‍යක් ඉදිකර තිබෙනා අතර එහි ඇය ගිහිකළ භාවිතා කළ රාජාභරණ රැසක් තැම්පත්කර තිබෙනා බව ජනප්‍රවාදයේ සදහන්වේ.එමෙන්ම අක්කර 42ක් පුරා විහිදුණු පුරාවිද්‍යා රක්ෂිතයේ ගොඩනැගිලි ආරාම අවශේෂ රැසක් දැකගැනීමට හැකිය.

කිසියම් පිරිසක් පැමිණ කඩිනමින් මෙම ස්ථානයේ විශාල ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනා බවත් එය සංචාරක නිවාඩු නිකේතනයක් වියහැකි බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සැකපහළ කරයි.භික්ෂුණියකට බව කියන ගොඩනැගිල්ලට හදිසියේ රුපියල් කෝටි ගණනක් වියදම් කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැඩි සැකමතුවි තිබෙනා අතර මෙම ස්ථානය පුරාවිද්‍යා බිමක් බව තහවුරු කරගෙන තිබේ.

සංචරණ සීමා පනවා තිබියදි කඩවත පාදුක්ක කිරිල්ලවල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කම්කරුවන් පෙදරේරුවන් ඇතුළු පිරිස් ගෙන්වා ගෙන අදාල ඉදිකිරීම් සිදුකර තිබේ.මිහින්තලය පුරාවිද්‍යා කළාපය භාර මංජුල රස්නායක මහතාගෙන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.

පසුගිය (23දා) තමයි මට මුලින්ම පැමිණිල්ල ලැබෙන්නේ.මම වහාම එම ස්ථානයට ගිහිල්ලා පරික්ෂණ ආරම්භ කරලා අදාල කොන්ත්‍රාත් ආයතනයට කිවුවා මේ ඉදිකිරීම් සියල්ල නවත්වන්න කියලා.

ඔය කියන භික්ෂුණිය එම ස්ථානයේ වැඩමකර සිටියා.මම එම බිම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි 2001 වසරේ සොපිනෝනා හා චන්ද්‍රලතා කියන දෙපළ ඉඩම ආරාමයකට පූජා කළ බව අනාවරණය කර ගත්තා.2003 වසරේ තමයි එම ස්ථානයේ කුටි දෙකක් ඉදිවෙලා තියෙන්නේ.

ඒවා ගරාවැටිම නිසා දැන් දානශාලවක් ඉදිකරලා තියනවා.මේ මාසේ (2දා) පුරාවිද්‍යා නිලධාරියා ඇවිල්ලා පොලිස්ථානයට පැමිණිල්ල කරලා අදාල ගැසට් පත්‍ර රැගෙන ඇවිල්ලා පැමිණිල්ල දාන්නම් කිවුවා.ඒ අවස්ථාවේ ඔය කියන භික්ෂුණිය ඇතුළු පිරිස හිටියා.පුරාවිද්‍යා නිලධාරියා කිවුවා නම් මේක පුරාවිද්‍යා බිමක් කියලා මම ඒ වෙලේ සියළුම දෙනාම පුරාවිද්‍යා පනතින් අත්අඩංගුවට ගන්නවා.

නමුත් ඒ පණත් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නොතිබුණු නිසා මම ස්ථානයේ සිටි පිරිසට නැවත ඉදිකිරීම් නොකරන ලෙස දන්වා මුදාහැරියා.කොන්ත්‍රාත් සමාගමත් නිසි ලියකිවිලි නැවත ඉදිරිපත් කරනා තුරු ඉදිකිරිම් වලට නොපැමිණෙන බව දන්වා පිටත්ව ගියා.පැරණි ඉදිකිරීමක් වසර ගණනාවක ඉදලා තිබිලා තියනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන්ද සිය අප්‍රසාධය පලකළහ.

ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නම් අවභාවිතා කරමින් රජයේ උසස් නිලධාරියෙකු මේ කටයුත්තට සහය ලබාදීලා තියනවා.රජය අප්‍රසාදයට පත්කරන්න මේ වගේ වැඩ කරන්න එපා.අපි දන්නවා මෙතැන මොකටද හදිසියේ ඉදිකිරීම් වෙන්නේ කියලා.හමුදා නිලධාරියෙකුත් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.

පහුගිය ආණ්ඩු සමයෙත් එක එක අය මෙතන්ට මාන බැලුවා.මෙරට භික්ෂුණි ශාෂනයේ පළමු මහරහත් මෙහෙනිය.මේ ස්ථාන විනාශ කරන්න දෙන්න බෑ යනුවෙන් නාහිමිපානන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය කළාප භාර පුරාවිද්‍යා නිලධාරි මංජුල රස්නායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.මේ ස්ථානයේ 2014-17 කාලයේ තමයි අකටයුතු වෙළා තියෙන්නේ.පොලිසිය කියන වර්ෂවල කිසිම ඉදිකිරීමක් වෙළා නෑ දෙපාර්තුමේන්තුව හරි විමර්ශනයක් සිදුකරනවා.පොලිසියට කළ පැමිණිල්ල බාරගත්තේ නෑ.

මම අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයට අපේ සහකාර කොමසාරිස්තුමාට පැමිණිලි කරලා තියනවා.(5දා)පැමිණිල්ල මිහින්තලය පොලිසිය බාර නොගත්තොත් නියෝජ්‍ය පොලිස්පතිතුමාට පැමිණිලි කරනවා.මේ සම්බන්ධයෙන් අපේ පුරාවිද්‍යා කොමසාරිස්තුමා පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරන්න නියමිතයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts