බලධාරින් සදළුතලවලින් බැස ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ ඇත

political

“ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවල ඉන්ටර් නැෂනල් වැඩ ගැන කතාකළත් මේ රටේ දරුවන් ගැන කතා වෙන්නෙ නැහැ. සම්බන්ධිකරණ කමිටුවල දරුවන්ට, කාන්තාවන්ට ඉඩක් තිබුණානම් මෙවැනි සෝචනිය සිදුවිම් අවම කරගන්නට තිබුණා.” යැයි  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කිවෙිය.

හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාරකමට යොදාගත් දරුවන්  රැසක්  දුෂණයට හා අපයෝජනයට ලක්විම පිළිබද අදහස් දක්වමින්   බේරුවලදි  කාන්තා හා ළමා සංවර්ධන  පෙර පාසල්,ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ අදහස්  පළකළේය.

කාන්තාවන්, දරුවන්, හා ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන  බලධාරින් , නිළධාරීන් අපි  සියළුදෙනා  සදළුතලවලින් , සීතල කාමරවලින් එළියට බැහැල ගම් මට්ටමට, බිම් මට්ටමට බැහැල , අපි සියළුදෙනා  එකට එකතුව ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ තියෙනවා.

රටේම තියෙන සම්බන්ධිකරණ කමිටු මාසයක් ගානෙ රැස්වෙලා අපි හැමදාමත් කතා කළේ පාර, බෝක්කුව, පාලම,අධිවෙිගි මාර්ග, ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්, ජාත්‍යන්තර ක්‍රිඩා ගැනයි. නමුත් අපේ දරුවො පිළිබද  කතා කළේ නැහැ. එම නිසා  සෑම සම්බන්ධිකරණ කමිටුවකම දරුවන් පිළිබදව, කාන්තාවන් පිළිබදව දරුවන්ට සිදුවන හිංසන, අපයෝජන පිළිබදව, ළමා ගැබ් ගැනිම්  පිළිබදව, විදි දරුවන් පිළිබදව, අධ්‍යාපනය කඩාකප්පල් වන දරුවන් පිළිබදව සහ දරුවන්ගේ පෝෂණය පිළිබදව කතා කරන්නට, ඒවාට පිළියම් යොදන්නට අවස්ථාවක් ඇතිකරනවා. ඉදිරියේදි රටේ සෑම සම්බන්ධිකරණ කමිටුවකම, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවකම අදාල නිළධාරින්  මෙි පිළිබද අදාල වාර්තා, තොරතුරු ඉදිරිපත් කර වැඩසටහන් හා ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි.ඒ අනුව ඉලක්කගත වැඩපිළිවලකට යායුතුයි.

දේශිය වශයෙන් හෝ ගෘහ සේවයට බදවාගන්නවා නම් ඒ අය පිළිබද යම් නිසි ක්‍රමවෙිදයක්  ඇති කරනවා. ග්‍රාමසේවා නිළධාරිවරයාට, ළමා හිමකම් ප්‍රවර්ධන නිළධාරිතුමාට, හා වනිතා සංවර්ධන නිළධාරි තුමියට මෙහිදි විශාල වගකිමක් තියෙනවා. මෙසේ ගෘහ සේවයේ යෙදෙන අය අධික්ෂණය කර ඔවුන් පිළිබද වාර්තා ඇතිව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  ලියාපදිංචි කිරිමට ක්‍රමයක් සකසනවා.ඒ අනුව බාල වයස්කාර දරුවන්ද..?, අපයෝජනයට, කෲරත්වයට, හිංසනයට  එසේත් නැතිනම් ශ්‍රම සුරාකෑමට ලක්වනවාද යන්න  පිළිබද නිසි සොයා බැලිමකට හැකි වෙනවා.

ළමයින්ගේ තොරතුරු ඇතුලත් කිරිමට  මේ වනවිට මුළු ලංකාවටම තියෙන්නෙ එක රෙකොඩ් රූම් එකක් පමණයි. වහාම පළාත් නමය තුළම ඒ සදහා ආයතන නමයක් පිහිටුවිමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මා වෙන් කළා. මාසයක් ඇතුලත  එම ආයතන  ලංකාවෙ පළාත් නමය සදහාම ඇති කිරිමට ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිතුමාට   උපදෙස් ලබාදුන්නා.

ඒ මගින්ළමයින් සම්බන්ධ අධිකරණ කටයුතු වලට සහා දිය හැකි වෙනවා.  මේවන විට ළමයින් සම්බන්ධව වෙන්වු අධිකරණ  ලංකාවටම තියෙන්නෙ දෙකයි.එම නිසා සෑම පළාතකටම  ළමයින් සම්බන්ධ අධිකරණ කටයුතු කිරිමට සෑම පළාතකම ආයතන ස්ථාපිත කිරිමට අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡාකර අනුමැතිය ලබාගත්තා.මේ සම්බන්ධ සෑම නිළධාරියෙකුම කොවිඩ් වසංගතය  බාධාවක් කර නොගෙන කොවිඩ් හමුවේ මේ කටයුතු ඉතා කඩිනමින් කළයුතුයි.

අපේ රටේ කාන්තා කාර්යංශයක් මේතාක්  විශාල කාලයක් කටයුතු කර තිබෙනවා. මිටපෙර මොන ආකාරයට කටයුතු කළාද කියල මම දන්නෙ නෑ. හැමදාම ණය ලබා දෙනවා.හැමදාම ආධාර ලබාදෙනවා. නමුත් දියුණුවු කෙනෙක්, නැගිට්ට කෙනෙක් නෑ. මේ රටේ දීර්ග කාලයක් තිස්සේ සමෘද්ධිය දෙනවා.  නමුත් සමෘද්ධිමත් වෙච්ච කෙනෙකුත් හොයා ගන්න නැහැ.මේ වගේ  තව බොහෝ දේවල් කියන්න පුළුවණි. මේක ඉතාමත්ම කණගාටු දායක තත්වයක් වෙලා තියෙනවා.

රටේ අනාගතය දරුවන් යැයි පිළිගන්නවානම්, දරුවන් මල් වගේ යැයි පිළි ගන්නවා නම්  ඔවුන් සුරක්ෂ‍ා කර ගැනිමට වැඩ පිළිවලක් තිබිය යුතුයි.මේ වැඩ පිළිවල  ජුලි 24 වෙනිදා නුවරඑළියෙන් ආරම්භකරනවා.මව්පියන් අහිම් දරුවන්, පාසල් නොයන දරුවන්, දරුවන් හිංසනයට, අපයෝජනයට සහ බාල වයස් ගැබ් ගැනිම්  සම්බන්ධ සිද්ධි  මෙන්ම විදි දරුවන් පිළිබද සොයා බලා අවශ්‍ය විසදුම් ලබාදිමට  නියමු ව්‍යාපෘතිය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා.

මේ සියළු කාරණා මෙන්ම දරුවන් , කාන්තාවන් පිළිබද රටේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි. දරුවන්ට, කාන්තාවන්ට සිදුවන හිංසනයන් , පිඩනයන් , අපයෝජනයන් අඩුකරගත හැකිවන්නේ මෙවැනි ආකල්පමය වෙනසක් ඇතිකරගැනිම  තුළින් පමණයි.මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රිෂාඩ් බදුර්දින්  හිටපු අමාත්‍ය හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ නිවසේ මෙහෙකාර සේවය කළ දැරියන් කිප දෙනෙකු අපයෝජනයට, හිංසනයට ලක්ව ඇතිබව තහවුරුවෙමින් තියෙනවා. මෙතුමාගේ නිවසේ මෙහෙකාර සේවය කළ දැරියක් දුෂණයට ලක්ව මියයාම  සම්බන්ඩයෙන් ශ්‍රිලංකා පොලිසියත් , ළමාආරක්ෂක අධිකාරිය, ළමා හා කාන්තා කාර්යංශය කල හැකි උපරිමයෙන් නීතිමය කටයුතු සිදුකරනවා.

මේ සිද්ධියට සම්බන්ධ ඉතාමත් පැහැදිළිව විමර්ශන  සිදුකර හිටපු ඇමතිවරයාගේ පවුලේ  අයව මේ වන විට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ සිද්ධියේ පුද්ගලයන් මොන තරා තිරමේ වුවත් ඒ කිසිවක්  නිතියට අදා නැහැ.හිටපු ඇමතිද ?,මන්ත්‍රිද ? බලවතෙක්ද කියල මෙහිදි කිසිම ආකාරයක හෝ බලපෑමකින් තොරව වරදකරුවන්ට නීතියේ උපරිමයෙන් දඩුවම් දෙන බව දරුවන් සම්බන්ධ විෂයපථයක කටයුතු කරන රාජ්‍ය ඇමතිවරයා ලෙස ඉතාම වගකීමෙන් කියනවා.

එස්. පොද්දෙණිය  – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….